" ගුඩ් මොර්නින් පණහ්..."
උදේ පහට ඇහැරිලා ඇඳ යටට ඔලුව දාපු මම මගෙ ආදරණීය ගෙබි කුමාරයො දෙන්නට කතා කරද්දි එකෙක් සපත්තුව අස්සෙන් ඔලුව දාලා යන්තමට බලලා උගෙ කට බැලුන් බෝලෙ වගේ පුම්බ ගත්තා....
මුන් දෙන්නා දැන් ටිකක් රෑට කෑගහනවා වැඩි අපෙ තාත්තාට අහු වුණොත් නම් ගෙම්බො දෙන්නත් එක්ක මාවත් ගෙයින් එලියට විසි කරයි...
අප්පච්චි නම් හොඳට තාම නිදි මගෙ ඇඳේ මන් ඊයෙ දෙපාරක්ම වැටෙන්න ගියා...
ඇයි අප්පා තාත්තාගෙන් බේරෙන්න අප්පච්චි මගෙ කාමරේට රිංගුවට මේ ඇඳේ දෙන්නෙක්ට ඉන්න ඉඩක් නෑ...මන් හෙමීට අප්පච්චි ඇහැරෙන්නෙ නැති වෙන්න ලාච්චුවෙ තිබ්බ ෆෝන් එකත් අරන් වොශ්රූම් එකට රිංගලා බ්‍රෂ් එකටත් ටූත් පේස්ට් ටිකක් දාලා කටේ ගහගෙන ෆෝන් එකේ ඩේටා ඔන් කලා විතරයි කාශ්‍යප අයියාගෙන් gm කියලා මැසේජ් ආවා....
ඒකාව මතක් වෙච්ච හැටියෙ මට නිකන් මෝර්නින් සික්නස් වගේ....ඕකා එන පොටත් එච්චර හොඳ නෑ....මම මැසේජ් සීන් නොකර ගණන් උස්සලා ඩේටා ඔෆ් කරලා දැම්මා. ආයෙ පව් කියලත් හිතෙනවා...මඟුල....නෑ ඕකා පව් නෑ මට අදාලත් නෑ.....
මන් ඇඳගෙන බෑග් එකත් උස්සන් පහළට යද්දි තාත්තා කැබ් එකේ යතුරත් අතේ ඇඟිල්ලකට දාලා කරකවන ගමන් ඇතුලට ආවා...ඊයෙ අප්පච්චි වයර් මාරු වෙලා අල්ලපු ගෙදර ගිහින් නවත්තපු කැබ් එක අරන් එන්න ගිහින්.....
අප්පච්චිටත් ශොට් එකක් වැදුනහම මාර ආතල් තමා දෙන්නෙ....තාත්තායි අක්කායි නම් අප්පච්චි බොනවට බනිනවා....
ඒත් කැම්පස් එකේ අප්පච්චිගෙ යාලු ලෙක්චර්ස්ලායි ප්‍රොෆෙසර්ලයි ඉන්නකම් ඕක අතඅරින්න වෙන්නෙත් නෑ....මොකෝ පාටියකට ආරාධනා කරලා චියර්ස් කිව්වහම නොබී ඉන්නද....ඇරත් තාත්තා ඔය අප්පච්චි නටන පිස්සු වලට කෑගැහුවට එයා බීලා නටන පිස්සු දන්නෙ අපිනෙ....දෙන්නම අපිට හොරෙන් දාන ශොට් ගැනත් අපි දන්නවා...දන්නෑ වගේ හිටියට....Men will be men....හුම්..
" අදත් දහය විතර වෙයිද...."
" කියන්න බෑ....නවය වත් වෙනවා ඉවර කරද්දි...."
" රෑට අප්පච්චි එනවා කිව්වා ඔයාව ගන්න...පරිස්සමට සුදුමහත්තා...."
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasySlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...