" සුරාං....ගනී....සුරාං...ගනී....සුරංගනීට මාලු ගෙනාවෝ.....මාලු මාලු......"" ඕයි ඕයි සිහියෙන් ඉදපන් බන් සුරංගනියෙක් නෙමෙයි...."
මැච් එක පටන් ගත්ත වෙලේ ඉදන් බෑන්ඩ් එකේ උන් ගහන පපරෙට ෆීල්ඩින් පැත්තක තියලා නටන්නමයි හිතෙන්නෙ....ගහන සිංදුවෙ කෑල්ලක් කිය කිය මන් දෙපැත්තට වැනෙද්දි විකට් කීපින් හිටිය යසිරුවා මට පයින් එකක් ගැහුවා....
සිහියෙන් තමයි අප්පා ඉන්නෙ...මේ මිනිස්සුන්ට කිසි රසාස්වාදයක් නෑ...
මේ කට්ට අව්වේ බැන්ඩ් එකේ එවුවන්ට පින් සිද්ධ වෙන්න පපරයක්වත් තියනවා...ආ නැද්ද.....
මැච් එකක් පොඩ්ඩක් චිල් කරලා ගන්නෙ පපරෙකින්නෙ...." තවත් මනරම් පහරක්!!.....ඉතා හොඳ පිතිකරණයක් අපට වෙනෝම්ස් පිතිකරුවන් වෙතින් පෙනී යනවා.....ෆීනික්ස් දක්ෂ පන්දු යැවීමක නිරත වෙනවා.... කණ්ඩායම් දෙකෙන්ම මෙවර උණුසුම් තරඟයක් අපට බලාපොරොත්තු විය හැකියි......."
" අනිවාර්යයෙන්ම ජීවන්......පවතින පැහැබර කාලගුණ තත්වයත් සමඟ අපි බලාපොරොත්තු වෙනවා බාධාවකින් තොර තියුණු තරඟයක්..........ඒත් එක්කම අපි මතක් කරන්න ඕන දෙපිලෙහිම කණ්ඩායම් නායකයින් වන විරාග් කෞෂල්‍යය..... සංකේත් කාශ්‍යප...පසුගිය තරඟාවලීන් වල අර්ධ ශතක ලාභීන් දෙදෙනෙක්....... ඔවුන්ගේ මෙහෙය වීම් යටතේ ඉතාමත් තීව්‍ර තරඟයක් මෙවර අපට දැකගන්නට ලැබේවි.... "
එනවුසින් කරන්න ඉන්නෙ අපේ ඉස්කෝලෙන් ජීවනයායි අනිත් ඉස්කෝලෙන් තව කොල්ලෙකුයි. මුන් දෙන්නා මැච් එක අස්සෙ හැම එකාගෙම පැටිකිරිය දිග අරිනවා....පරණ මැච් ගැන කියද්දි නම් අම්මපා විකට් පොල්ලක් ගලවලා ඔලුවට ගහගන්න හිතෙනවා.
එහෙන් අර ඩබල සායම යවන අස්සෙ මෙහෙ බැටින් කරන වෙනෝම්ස්ලා අපිට හික් ගෑවෙන්නම දිගට හරහට නෙලාගෙන යනවා.....
යසිරුවා සුපිරි යෝකර් ටිකක් දාලා එක පිටම විකට් තුනක් අරන් වෙනෝම්ස්ලගෙ තුන්දෙනෙක් හරෝලා යැව්වාට පස්සෙ තමයි අපිටත් ටිකක් ඇඟට ලේ උනා ගෙන ආවෙ.....දවල් කෑමට මැච් එක නතර කරද්දි අපිට ලකුණු එකසිය විසි ගානක් වෙනෝම්ස්ලාට එකසිය හැට ගානක්.....
ලකුණු තිස් පහක විතර ගැප් එකක් අපිට කොහොමහරි කවර් කරගන්න වෙනවා බැටින් වලින්.....
YOU ARE READING
Enchanter ♡ [ "Ala Adawwa" Side Story]
FantasySlow update * Fiction# "You know, Mihin... you're my enchanter. You've cast a spell on me, and I can't escape it, even if I wanted to." " ...Maybe I did enchant you, but the truth is, you enchanted me first. You've made me believe in a kind of magi...