42#

182 32 15
                                    

නිවාඩු සති තුනේ සීයාගෙ හත් දවසෙ දානෙටයි පංති වලටයි ගෙවෙද්දි ඉබේම ඉවර වෙලා ගියා...වෙනසකට කියලා නිකිණි යසිරු එක්ක එකතු වෙලා පාඩම් කලා.....එච්චරයි....අනිත් හැම දවසම පහුගිය දවස්වල වුණේ නරක හීනයක් කියලා අමතක කරන්නම මන් පාඩම් වැඩ එක්ක කාලෙ ගෙව්වා.... එන්න එන්නම ලොකු වෙන සිලබස් එක දාගන්න මගෙ මොලේ පොඩි වැඩිද කියලත් හිතෙනවා....
සමහර වෙලාවට එකම සමාගම් ගාන අල්ලන් පැය ගානක් බැලන්ස් කරන්න හිතනවා...කොටින්ම හිත එක තැනක නෑ හරි වටේ දුවනවා...ඒකත් වැඩිහරියක් කාශ්‍යප අයියා ගාවට.... මේ දවස් ටිකට කාශ්‍යප අයියා අපෙ තාත්තාගෙ ' හොඳ පුතා ' සම්මානෙත් අරගෙන....තාත්තාගෙ වැඩේම මන් මොකක් හරි ගොන් වැඩක් කරපු ගමන් ' බලන්න අර පුතා කොච්චර හොඳ දරුවෙක්ද ' කියලා කාස්සපයාව සුද්ද කරන එක.....මන් කියන්නෙ නෑ ඉතිම්....be patient මිහින්....

නිවාඩු කාලේ දවස් දෙකක් විතර කාශ්‍යප අයියාත් එක්ක පාඩම් කරන්න ලයිබ්‍රි ගියා අන්තිමට ඒකට ලයිබ්‍රිය හොඳ මදි වෙලා මේකා පාඩම් කරන්න අපේ ගෙදර එන්න පටන් ගත්තා.... මොකක් වුණත් තාත්තාගෙ හිත දිනාගත්ත හොඳ පුතානෙ තාත්තා හරි කැමති කාශ්‍යප අයියා පාඩම් කරන්න අපෙ ගෙදර එනවට. එයා එන දවසට කන්න බොන්න පවා ඔක්කොම ළඟට දෙනවා...

තාත්තා දන්නෑ තාත්තේ ඕකා එන්නෙ යටි අරමුණක් හිතේ තියාගෙන...සුදු මහත්තයව උස්සන්න...

කෙල්ලෙක්ට නම්බරයක් දීලා මල් කඩ කඩ හිටිය මට වෙච්ච දෙයක්...දැන් මේ උගුඩුවෙක් දකින සැරයක් ගානෙ බඩේ සමනල්ලු සමනල වන්නම නටනවා...

සහෘදයනි අදත් ඒවගේම දවසක් කස්සපයා අපෙ ගෙදර ඇවිත් හොඳට තාත්තා දෙන ඒවත් ගිල ගිල පාඩම් කරනවා..
කෑම මේසෙ මට ඉස්සරහින් ඉදන් උන්න කාශ්‍යප අයියා එයාගෙ කකුල් දෙකට මගෙ කකුල් දෙක මැදි කරලා ලොක් කරගෙන පාඩුවේ ගණන් හදද්දි මන් හිටියේ කනේ ඉදන් රතු කරගෙන....
කාශ්‍යප අයියා ගාව කොච්චර කොහොම කම්ෆර්ටබල් වුණත් එයාගෙ කතාබහට බලන බැල්මට පවා මට හිටපු ගමන් කරන්ට් වැදෙන්න අරන්....අනන්තවත් කෙල්ලො එක්ක මල් කඩලා තිබ්බට මන් ඔය ටෙලිපති කියන සීන් එක නම් විශ්වාස කරලා නෑ...ඒත් මේ දවස් වල සිද්ද වෙන දේවල් එක්ක ඒක විශ්වාස නොකරත් බෑ.....සමහර වෙලාවට කාශ්‍යප අයියාවත් හිටියනම් කියලා හිතෙන වෙලාවට එයාගෙන් අහම්බෙන් එන කෝල් එකක් නැත්තම් මැසේජ් එකක්... නැත්තම් මොකක් හරි වැඩකදි දෙන්නටම එන එක වගේ අදහස්....යසිරුවා වෙලාවකට මිසින් වෙච්ච ටුවින්ස්ලා කියලත් විහිලු කලේ කාශ්‍යප අයියාගෙයි මගෙයි දෙන්නගෙම එක කම්මුලක් වල ගැහෙන හිනාව අල්ලගෙන....
මටත් වෙලාවකට හිතා ගන්න බෑ ඇයි කාශ්‍යප අයියාව මෙච්චර ළඟින් දැනෙන්නෙ කියලා...යසිරුවා කියනවා වගේ twin falme එකක් තියෙන්නත් බැරි නෑ....ඔය කියන්නෙ two bodies one soul කියලා....ගැඹුරු ආදරයක් ඇතිවෙන දෙන්නෙක් අතරෙ එහෙම twin flame එකක් තියෙන්න පුලුවන්නෙ.....ඒත් ඉතින් දැන් මෙතන එහෙම ගැඹුරු මොකක්වත් නෑනෙ....ඒ මනුස්සයා කැමතියි ආදරෙයි කියලා ඇගෙව්වට මාත් අනිත් අතට පුළුවන් කරන්නෙ ගණන් උස්සන එකනේ..

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now