24#

208 34 11
                                    

අද අපි ප්‍රැක්ටිස් කරන අන්තිම දවස හෙට පෙරඩ් එක....ඊට පස්සෙ බිග් මැච් එක පටන් ගන්නවා....ෆයිනල් මැච් එක සඳුදා... අපේ මුලු ටීම් එකම හිටියේ ප්‍රින්සිපල් රූම් එකේ...අද කවීෂ්.... මානෙත් අයියලා දෙන්නත් ඇවිත් හිටියා. එයාලා තමයි කලින් ස්කූල් ටීම් එකේ කැප්ටනුයි වයිසයි හිටියෙ.

ප්‍රින්සිපල් සර් වී.පී දක්ෂිණ මහා සටන ( The great battle of the venom & phenix) ගැන ඉතිහාසයයි නැෂනල් වලට තේරුණ ප්ලේයර්සා ගැනයි ලොකු මෝටිවේශනල් ස්පීච් එකක් දීලා.....ඉස්සරහින්ම හිටන් ඉන්න කාශ්‍යප අයියා ළඟට ගිහින් පිටට තට්ටුවක් දැම්මා...

" We look forward to seeing you at the National Team...putha....."

ප්‍රින්සිපල් සර් එයාගේ ආඩම්බරකාර හිනාව දාලා කියද්දි කාශ්‍යප අයියා ඔලුව වනලා හිනාවුණා....කෝච් සරුත් ඒ දිහා බලන් හිටියේ හිනාවෙලා..... ඊළඟට සර් ආවෙ මන් ළඟට....ඇවිත් දෙපාරක්ම පිටට තඩිබෑවා....

" ම්ම්.....our next captain...." 

තුන්වෙනි පාරටත් මගෙ පිටට තට්ටුවක් දාලා ප්‍රින්සිපල් සර් ගිහාන් මලයාව අල්ල ගනිද්දි මට එහා පැත්තේ උන්න කාශ්‍යප අයියා මා දිහා බලලා තම්බ් අප් එකක් දුන්නා....

බැන්නට මොකෝ දැන්නම් මට දුකයි වගේ මේ අවුරුද්ද විතරනේ කාශ්‍යප අයියා ඉස්කෝලෙ එන්නෙ ඊටපස්සෙ එයා නෑනෙ.
කාශ්‍යප අයියා ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සෙ ටීම් එකේ කැප්ටන් විදිහට දානවා කිව්වේ මාව....ගිහාන් මල්ලි වයිස් කැප්ටන්....
හයේ පන්තියෙදි ක්‍රිකට් වලට ආව මුල් කාලෙ ඉදන් කාශ්‍යප අයියායි මමයි ටීම් එකේ මේ වෙනකම්ම එකට ප්ලේ කරපු අය... ඒත් ඊළඟ මැච් එක ගහන්න වෙන්නෙ කාශ්‍යප අයියා නැතුව නේද කියල මතක් වෙද්දි මට දැනුනෙ මහ හිස්වුණ ගතියක්....මහ පාලුවක්.....
මට පුලුවන් වෙයිද එයා වගේ හොඳ කැප්ටන් කෙනෙක් වෙන්න.... කාශ්‍යප අයියාට තියන සුපිරිම ලීඩර්ශිප් එක මම මීට කලින් හිටපු කැප්ටන්ලගෙන්වත් දැකලා නෑ..... අයියා හැම වෙලේම එයාගෙ
වැඩත් පාඩු කරගෙන ටීම් එකේ හැම කෙනාම ගැනම වෙන වෙනම බලලා මුලු ටීම් එකම එක ටාගට් එකකට ඇදන් ගියා..

අනික එයා කවදාත්ම තනි තීරණ ගත්තෙ නෑ ටීම් එකේ අයගේ අදහස් අනිවාරෙන්ම
අහලා බලනවා....ප්‍රැක්ටිස් වෙලාවට යකා වැහිලා වුණාට ඒ හැමදේම කලේ ටීම් එකේ කොලිටි එක තියාගන්න....

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now