21#

231 31 14
                                    

" අඩෝ මේ...ඉවර වෙන්නෙ නැද්ද...."

" මන් දන්නෑ බන් මඟුල චූත් බරයි...ඕයි...උදේට කාලත් නෑ.... රෙද්ද....අර ලස්සන ප්‍රිෆෙට් අක්කාට අල්ලගන්න කියලා ක්ලාන්තෙ දාමුද ඕයි...."

උදේම පිනා ඇවිත් මුලු ඉස්කෝලෙම පිට්ටනියට ගෙන්නලා පෝලිම් ගස්සලා දැන් පැය දෙකක විතර ඉදන් රැස්වීමක්...
ප්‍රාථමික අංශෙනම් බේරිලා පන්ති වලට පැනගත්තා....අපි තාම කට්ට අව්වෙ...උදේ අව්ව විටමින් ඩී ලැබෙනවා අරකයි මේකයි බම්බුව තමා..... විටමින් ඩී කෙසේ වෙතත්
ඉහින් කනින් දාඩිය නම් බේරෙනවා....
ඒ අස්සෙ මට ඉස්සරහින් උන්න යසිරුවට ශේප් එකේ කතා කරද්දි ඌ ප්‍රිෆෙට් අක්කෙක් පෙන්නලා මඟුලක් කියෝනවා...

කොල්ලො ක්ලාන්තෙ දැම්මහම අක්කලාව එවන් නෑනෙ පුතේ....මට තමා මේ කුලු හරකාව උස්සන් යන්න වෙන්නෙ...

රැස්වීම ඉවර වෙන පාටක් නම් නෑ...
ඉස්සරහට එන බිග් මැච් කලා උලෙලවල් සයන්ස් ඩේ...අරවා මේවා ඔක්කොම ගැන ලොකු එනවුස්මන්ට් එකක් යනවා....
පිනා ළඟම හිටපු මලින්ද අයියාත්
මයික් එකක් උස්සගෙන කොලයක් දිහා බලාගෙන මොනවද කියවද්දි ඊට එහා පැත්තෙ හිටපු හෙඩී මලින්ද අයියා දිහා කන්න වගේ බලන් ඉදලා එකපාරම ඉස්සරහ බලාගත්තා.
අපේ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයයි නායිකාවකුයි දෙන්නෙක්ම ඉන්නවනෙ....

අපේ හෙඩීව දැක්කෙත් හුඟ කාලෙකින්
කෙල්ල හෙන ස්පෝර්ටි පැත්තට බර කෙනෙක්....ඉන්දියා වල තිබ්බ රනින් ඉවෙන්ට් එකකට ගිහින් ගෝල්ඩ් මෙඩල් එකකුත් අරන් ලංකා මාතාව රනින් සරසලානෙ ආයෙ සති තුනකට විතර පස්සෙ ඉස්කෝලෙට ඇවිත් තියෙන්නෙ...
අපෙ ස්පෝර්ට් ක්ලබ් එකෙන් අක්කාට අද මීටින් එකේදි පොඩි ගිෆ්ට් එකකුත් දුන්නා.

මාත් එක්කත් ෆිට්...අපි කියන්නෙ දේව් කියලා...නම නම් දෙව්නා ද කොහෙද
ඒත් අර කොණ්ඩෙත් කොටටම කපලා පොඩි කොලු වයිබ් එකක් තියන නිසා ඉස්කෝලෙම කියන්නෙ දේව් කියලා....
සුදු ගවුමට වඩා දේව් අක්කාට සුපිරියටම මැච් වෙන්නෙ ස්පෝර්ට් ක්ලබ් එකේ බොටම් එකයි ජැකට් එකයි.....කෙල්ලොත් ක්‍රශ්ද මන්දා මේකිට....

හැබැයි මන් නම් කියන්නෙ මලින්ද අයියාට අපේ කොමස් එකේ රන් කරන කෑල්ලට වඩා දේව් අක්කා සෙට්....එයත් දාන බැල්මට නිකන් කැමතීත් වගේ අපේ හෙඩාට...
දේව් අක්කා බයෝ එකේ...අනික ඉන්ටර් නැශනල් මලල ක්‍රීඩිකාවක් ආයෙ සෙල්ලන්ද මලින්ද අයියට සෙට් වුණොත්.... සුපීරි.....

Enchanter ♡ [ "Ala Adawwa" Side Story]Where stories live. Discover now