27 කොටස

610 56 72
                                    

"සුදු පුතා!! මූණ එල්ලන් ඉන්නේ නැතුව ගිහින් බලන්න කෑම ටික ලෑස්තිද කියලා"

"නේත්‍රගේ මාමේ... හාමුදුරුවෝ වඩින්නේ කීයට විතරද?"

"සුදු පුතා, උබ ඔතනින් නැගිටිනවද, මං ඔතනට එන්නද"  යුගාන්ගේ පුංචිට අද හරියට වැඩ... එහාට දුවනවයි මෙහාට දුවනවයි, අනිත් අයට වෙන්න ඕනා මොනාද කියලා කියනවයි... වැඩ ගොඩයි.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"පොඩ්ඩෝ. මේ ටික ගිහින් හාමුදුරුවන්ට තියෙන පුටු වලට දාන්නකෝ. එතකොට මේ ටික මේස වලට... " යුගාන් එයාගේ අතේ තිබ්බ සුදු රෙදි ටික වෙන වෙනම වෙන් කරලා නේත්‍රට දුන්නේ නේත්‍රත් යුගාන් කියපු විදිහට ඒ ටික අරගෙන ගිහින් අදාල තැන් වලට දාද්දී...

නේත්‍ර ඒවා කරනවත් එක්කම යුගාන් කලේ මුලු ගේ වටේටම ඇස් ගෙනිච්ච එක... ගෙදරට කට්ටිය පිරිලා... ඉස්කෝලේ කාලේ යාලුවොයි... බිස්නස් පාට්නර්ස්ලයි... නේත්‍රගේ කම්පැනි එකේ කට්ටියයි... කට්ටිය ගොඩයි... ඒත් එක්කම යුගාන්ගේ ඇස් ගියේ බිත්තියේ ගහලා තියෙන එයාලා තුන්දෙනා එකට ඉදන් අරන් තියෙන ෆොටෝ එක ගාවට... ඒක යසිරුවගේ කැමරා කාචෙට අහු වුන හෙනම රැන්ඩම් ෆොටෝ එකක්... ඒ ෆොටෝ එකේ යුගාන් හිටියේ නේත්‍රගේ බෙල්ල වටේ අත් දාගෙන එයා දිහාට තද කරගෙන වෙද්දී නේත්‍රගේ එක අතක් යුගාන්ගේ ඉණ වටේ පැටලිලා තියෙද්දී අනිත් අතේ බෝතලයක් තියන් හිටියේ... විහාස් හිටියේ හිස් වතුර බෝතලක් අතේ තියන් ඒ දිහා බලාගෙන වෙද්දී මුන් තුන්දෙනාට වැහිලා යසිරුවගේ ලව් එකත් පොඩ්ඩක් පොඩ්ඩක් පේන්න හිටියා...


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අපි අපේWhere stories live. Discover now