26 කොටස

546 51 94
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.




"අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්නලියා යමි ගැඹුරු තැන "ආදරෙයි උතුරන්න"හමා යන සුළඟකින් මගේ නම විමසන්නතබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න"


යුගාන්ගේ ඇගිලි ගිටාර් එකේ තත් අතරේ එහේ මෙහේ යද්දී එයාගේ ඇස් දෙක නම් තිබ්බේ නේත්‍රගේ එහේ මෙහෙ යන රුවත් එක්ක... ඒත් එක්කම අහලා තිබ්බ ඒත් හුරු නැති පද පේළි කිහිපයක් ඉබේටම වගේ කටින් පිටවුනේ නේත්‍රගේ යන්න ගිය ගමන තත්පරයකට නවතිද්දී. හැබැයි නේත්‍ර ආයේ හැරිලා යුගාන් දිහා බැලුවේ නෑ, ඇත්තටම නේත්‍ර හිටියේ මෙතන යුගාන් කියලා කෙනෙක් නැති ගානට. 

"පරන මතකය මතක් වෙනකොට

රිදෙනවා ඇති හුඟක් තැන්

අල්ලෙ රේඛා හැඩ බලනකොට 
පෙනෙනවා තව හුඟක් තැන්

මම කොහොමනම් සනසවන්නද
පපු මැද්දෙ හිත රිදෙන තැන්
සබඳ හිත සනසන්න මේ
දෙවරක් පෙරන ලද පිරිත් පැන්"

කබඩ් එකට ඔලුව දාන් මොනවද හොයන නේත්‍ර දිහා බලාගෙන යුගාන් මිමිනුවේ අන්තිම පදේ කියලා ඉවර වෙනවත් එක්කම බර හුස්මකුත් පාත දාන ගමන්. හැබැයි යුගාන්ට නම් නේත්‍රගෙන් අවදානේ ලැබිලා නැති හැඩයි. නේත්‍රට හොයපු දේ හම්බුනා කියන්න වගේ එයා මොකක් හරි දෙයක් එයාගේ ස්වීට් පෑන්ට් එකේ සාක්කුවට දා ගනිද්දී යුගාන් ඒ දිහා බලන් හිටියේ එක ඇහි බැමකුත් උස්සගෙන. ඒත් යුගාන්ව ගනණ් නොගෙන එළියට යන්න හදපු නේත්‍රට, යුගාන්ව  පාස් කරලා යන්න උනේ නැත්තේ යුගාන් එයාගේ අතින් අල්ල ගත්තු නිසයි. යුගාන් එහෙන්මම නේත්‍රව ඇදලා ගත්තේ නේත්‍ර කෙලින්ම යුගාන්ගේ උකුළට ගාන්ට ලෑන්ඩ් කරද්දී. 

"මෙහෙම ඉන්නකෝ ටිකක්"  නේත්‍ර යුගාන්ගේ උකුලෙන් නැගිටින්න හදද්දී නේත්‍රගේ ඉණ වටේ අත් බැදගෙන නේත්‍රව තවත් එයා ගාවට ලං කර ගන්න ගමන් යුගාන් කිව්වේ නේත්‍රගේ උරහිස උඩින් නිකට තියා ගනිද්දි. 

"ඔහොම කතා නොකර ඉන්නකොට මට කොච්චර රිදෙනවද වස්තූ. එදා- එදා ගැහුවේ තරහකට නෙමේ බං, ම්-මං බය උනා... උබ පිහියක් අතේ තියාගෙන ඒක දිහා බලන් ඉද්දි සිරාවටම මං බය උනා, උබ මාව දාලා යන්න හදනවද කියලා හිතුනා, කොච්චර කතා කලත් ඇහුනේ නැතුව ඉදිද්දී මට දැනුන දේ ගැන උබ දන්නවද බං. එහෙන් එකෙක් ඇදට වැටිලා ජීවිතේ එක්ක සටන් කරද්දී උබත් මාව දාලා යන්න හදනවා කියන තැන මන් පිස්සෙක් නොවී පිස්සෙක් උනා යකෝ. මං- මං ඒ වෙලාවේ ආවේ නැත්තම් උබ  උබ මැරෙන්නද ගියේ? එක තත්පරයක්වත් මං ගැන හිතුනේ නැද්ද, මට කොහොම දැනෙයිද, මං කොහොම හැසිරෙයිද, අඩු ගානේ මට මොනවා වෙයිද කියලාවත් උබ හිතුවද???"

අපි අපේWhere stories live. Discover now