-29-

2.1K 376 577
                                    

"ඒ බෝලේ!!!!"

"අයියෝ~~"

මදැයි කොරා වැඩක්!! ටර්ම් ටෙස්ට් එකට නිවාඩු දෙන සතුටට සෙට් එක්ක එකතු වෙලා ක්‍රිකට් අතක් ගැහුවා. අන්තිමට බෝලේ ගිහින් නැවතුනේ ඔෆිස් රූම් එක්ක.

"කවුද මේ පාර බෝලේ ගේන්න ඉන්නේ?"

"කුරුල්ලා"

හම්මට මමද? අපි ඉතින් බෝල ඇහිදින්නේ නම් පොතේ පිලිවලටනේ.

"අඩෝ ඒකට යන්න එපා කියලානේ තියෙන්නේ? ගියාට කමක් නැද්ද?"

වන්දා අහනකොට මාත් ඉනට අත තියාගෙන බැලුවේ ඔෆිස් රූම් එකේ කවුළුව දිහා. දහම්සිළුගේ සික්සර් එක කොච්චර සුපිරිද කියනවනම් බෝලේ ඇතුලට ගිහින් තිබ්බේ ජනේලේට උඩින් තිබ්බ පොඩි වා කවුළුවකින්.

"ෂේප් එකේ ගෙනෙන්. අපි විතරනේ දන්නේ"

"ඉදපං මාත් එන්නම්"

"උබ හිටපං වන්දා මං ගිහින් ගේන්නම් ලොකු දුරක් නෑනේ"

වන්දත් එන්න හදනකොට අත දික් කරලා මම ඌව නවත්තගත්තා. ඔය අඩි දහය යන්න කවුරුත් ඕන්නෑ.

"මාට්ටු වෙන්නනම් එපා රත්තරං"

"තප්පර පහක් දීපන්"

බුලානයා මගේ පිටටත් ගහලා තල්ලු කරපු ගැම්මට මම දුවගෙන ඇවිත් හොරා වගේ වටපිට බල බල කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගිහින් බෝලේ වැටුන රූම් එක පැත්තට ආවා. ඊටපස්සේ දෙතුන් පාරක් වටපිට බලලා කවුරුත් නැති බව තහවුරු කරගෙන දොර අරින්න ට්‍රයි කරනකොට ඒක ඉබේම ඇරුනේ මගේ වෙලාව හොද හින්දා. නැත්තං මේකේ යතුර උස්සන්න තව ඔෆිස් එක්කට පනින්න වෙනවා.

කෝමහරි දෙයියනේ කියලා ඇතුලට පැනගෙත්තයින් පස්සේ තනි කරුවලේම ජනේලේ ගාවට අඩියෙන් අඩිය ඇවිදගෙන යන්න පුළුවන් උනා. මුළු ඔෆිස් රූම් එක පුරාම තියෙන්නේ කබඩ් වගයකුයි රාක්ක වගයකුයි විතරයි. ඒ නිසාමද මන්දා පට්ට මූසල පාටයි. පරණ පුස්තකාල සැරකුත් එනවා. ඔය අතරේ මට නිකං ඉහින් කනින් දාඩිය දාලා අමුතු බයක් මෝදුවීගෙන එන්න ගියේ තප්පරකටත් වඩා අඩු කාලයක්. හදිසියට ආවට මොකද මට දැන් තමා තේරේන්නේ මම තනි කරුවලට බයයි කියලා.

SURYAWARNA | ONGOING Where stories live. Discover now