-24-

1.9K 323 480
                                    

"Happy Birthday To You
Happy Birthday To You
Happy Birthday Dear 'Tharaka' 'ලොකූ' 'තාරූ'
Happy Birthday To You"

චෙස් බෝඩ් එකක් හැඩේට තිබ්බ කේක් එක උඩින් තිබ්බ ඉටිපන්දන් අයියා අතින් නිවිලා ගිහින් අම්මාටයි තාත්තටයි කේක් කටක් කැව්වට පස්සේ, අන්තිම කට මට හම්බුනා.

මම ලොකු කෑල්ලක් කඩලා කාලා ෂේප් එකේ මාරු උනා. ඊටපස්සේ ඉතින් ජානු නැන්දිටයි රන් අන්කල්ටයි කැව්වට පස්සේ කේක් එකට උනේ මොකක්ද කියලා හොයාගන්නවත් බැරි උනා. අන්‍තිමට එතන ඉතුරු උනේ ඒකට ගහලා තිබ්බ ඉටිපන්දම් ටික විතරයි. හැබැයි ඉටිපන්දම් දාහතෙන් දාසයයි. අරීෂ් අයියට කලබලේට එකක් කැවිලා.

හැමෝම කේක් කන ගමන් අයියට ගෙනාව තෑගී එයාගේ අතට දිලා ඉබලා අයියව අමුවෙන් ගිලින්න හදන වෙලාවේ මායී වන්දයි ගේ පුරාම දුව දුව ස්ප්‍රේ එකේ ඉතුරු ටික විදින ගමන් වෙනම සෙල්ලමක් දාගෙන හිටියා. ඒත් අම්මා එකපාරයි රැව්වේ අපි දෙන්නා ෂේප් එකේ වැඩේ නැවැත්තුවා.

ඊටපස්සේ කට්ටියම කෑමට ඉදගත්තා. ඔක්කොලාම කන අතරේ අම්මා මාව අත් උදව්වට තියාගත්තා. වෙනදට මමනේ මුලින්ම කන්නේ. දැන් එහෙම එපාලු. මිනිස්සු ගෙදරට ආවම සලකන්න පුරුදු වෙන්න ඕනලු. බ්ලා බ්ලා බ්ලා... අපේ අම්මා තමා ඕවා කියන්නේ. ඉතින් අයියත් මහන්සි වෙලා හිටිය නිසා අම්මා බලෙන්ම බත් එකක් බෙදලා අතේ තියවලා එයාව ඉදගැස්සුවා. අන්තිමට මමත් කාලා ඉවර උනාට පස්සෙ ඉතුරු වෙලා තිබ්බ නාට්ටාමි වැඩ ටිකත් මටම කරන්න සෙට් උනා.

"කුරුළු"

"ම්ම්..?"

මම හිටියේ උස මදි නිසා ටයිල් එක උඩින් පොඩි බංකුවක් තියලා ඒක උඩ නැගලා කිචන් අයිලන්ඩ් එක උඩ තිබ්බ විදුරු ටිකට වතුර පුරව පුරව. මගේ පිටිපස්සෙන් ආව යුපුන් අයියා ඉක්මනට මගේ අතේ තිබ්බ ජෝගුව අල්ලගත්තා. ඒක ටිකක් බර නිසා පුදුම අමාරුවෙන් මම බැලන්ස් කරන් හිටියේ.

"කුරුළු මං එක්ක තරහා වෙලාද ඉන්නේ?"

මොකක්දෝ හේතුවකට මගේ හිත ගැස්සුනා. මගේ පිටට හේත්තු වෙලා තියන යුපුන් අයියගේ පපුවේ රස්නියද මන්දා මගේ මුළු ඇගටම දැනෙනවා. ඇත්තටම ආව වෙලේ ඉදලා මාව දැක්කේ නෑ වගේ අපේ අයියා එක්කම හිනා වෙවී මුකුළු කර කර හිටියේ මම නෙවේ.

SURYAWARNA | ONGOING Where stories live. Discover now