🔥💥Fire Angel 🔥💥
15වන ගිනි සිලුව 🔥🔥🔥
"ඒකි කොහොමද ඒ වගේ දෙයක් කියන්නෙවත් බැල්ලි.... ම.. මං බලාගන්න්ංකො😡😡"
මීරියාගෙ කෝපය ඉහවහා ගොස් තිබුනි...
තමාගේ අනාගත ස්වාමි පුරුශයා ගැන ඔවැනි දෙයක් කිසිදු කාන්තාවක ඉවසන්නේ නැත....
ඇය සිතුවේම ආදි පවසනා සියල්ලක් සම්පූර්ණ අසත්‍ය බවයි....
[
"මට ඕනි ජීමින්ව මගෙ කර ගන්න😑..
ඉන්න... ආදි කියපු විදියට ඒක ඇත්තක් නම් ඒකිව මේ ලෝකෙන් යවන්නත් වෙන්නෙ මටමයි... එහෙමනං මං ඕකිව තිය්න්නෙ නෑ 😡"🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
"ජීමින් ඔප්පා කොහෙද ඔයා මේ යන්න හදන්නෙ හොස්පිට්ල් ඉදන් ආව විතරයිනෙ ආහ්"
සුප් බදුනකුත් රැගෙන ජීමින්ගේ කාමරයට පැමිනි මීරීයා දුටුවේ ඔහු හදිසියෙන් කොහේ හෝ යාමට සූදානම් වන බවයි....
"මීරිය මෙතනින් යනවද මට පාඩුවෙ ඉන්න දීලා😡"
රත් පැහැ ගැන්වූ දෙනෙත් එක් එල්ලේ මීරියා දෙසට යොමා ජීමින් පැවසුවේ දුරකථනය රැගෙන කාමරයෙන් එලියට යන්න සූදානම් වෙමිනි...
"ඔප්පා😑😑 ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ ආහ් මං ඔයාට මොනවද කලේ ආහ් කරන්න පුලුවන් හැමදේම කරලා තියෙන්නෙ ඔයානෙ😑😑"
පාතාලයත් සමග විශාල සම්බන්ධතා රාශියක් තිබූ මීරියා සොයාගත් තොරතුරු අනුව ජීමිනුත් ආදිත් අතර කුමක් හෝ සිදුවී ඇති බව ඇයට විශ්වස කරන්නට විය....
ඇගේ පාතාල සහයකයින් ඇයට කිසි දිනෙක මුසා පවසා නැත... ඇය ඔවුන්ට අවශ්‍ය පමණටත් වඩා වැඩියෙන් මුදල් විසි කරන නිසා ඔවුන් ඇය වටා රොක් වීම පුදුමයට කරුණක් නොවේ"මීරියා ඔයා සීමාව ඉක්මවලා යනවා මට හදිසි වැඩක් වැටිලා ඒකයි මං යන්නෙ ප්ලීස් තේරුම් ගන්න ට්‍රයි කරන්න 😒"
දොරෙහි අගුලට තවමත් අත තබාගෙන ජීමින් පැවසුවේ මීරියා දෙසට රවමිනි...
"හහ් හදිසිය මොකද්ද අර ආදි මැරෙන්න වැටිලාවත්ලුද😅"
තමාඅ ඇසුනු දෙයින් මිට මෙලවුනු අත පාලනය කරගත් ජීමින් අඩියෙන් අඩිය මීරිය වෙත ලං විය....
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්‍රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤