🔥💥Fire Angel 💥🔥
8th Fire🔥🔥🔥
නාසයට දැනුනු සැර බෙහෙත් ගදත් සමග බරව තිබූ දෙනෙත් විවර කල ආදි දුටුවේ එහෙ මෙහෙ ඇවිදින නර්ස්ල සහ ඇදන් උඩ සිටින රෝගීනවයි...
ඇගේ අප්‍රාණිකව තිබූ ගතට දැන් දැන් ප්‍රාණවත් බවක් දැනෙන්නට වූයේ සේලයින් බෝතල් වලට පින් සිද්ද වෙන්නය.
නොසෙල්වී සිටි ඒ මිනිත්තු කීපය තුල ඇයට මතක් වුනේ තමාව විනාශවුනු ඒ රාත්‍රියයි....
ආදිගේ මුලු ගතම කෝපයෙන් වෙව්ලා යද්දී ගසා තිබූ සේලයින් කටුව ගලවා විසි කල ඇය රෝරෝහලෙන් එලියට දුවන්නට විය.
ජීමින්ට පින් සිදු වන්නට රථ ගාලේ නවතා තිබූ ඇගේ නවීන පන්නයේ මෝටර් රථයට නැගි ඇය වේගයෙන් ඉගිලුනේ ටෙරීගෙ නිවසට යාමටයී.
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
"තමුන්ට බැරි උනානේ ටෙරී ඕකිව මෙහෙ නොගෙනත් ඉන්න දැන් බලනව තමුසෙගෙ වැඩ නිසා අපේ යූනාට වෙච්ච දේ"
සෝෆාවට වී තවමත් කෝපයෙන් සහ දුකෙන් හඩන යූනාගෙ හිස අත ගාමින් මින්හිස්සෝ පැවසුවේ කෝපයෙන් එහෙ මෙහෙ ඇවිදින තම සැමියාටයි.
"තමුන් කට වහගන්නව මින්හිස්සෝ ජීමිනුත් දැනගන්න ඕනි මේවා"
"ඔයාට"
මින්හිස්සෝ නැවතත් කුමක් හෝ පවසන්නට යද්දීම වසා තිබූ දොර මහ හයියෙන් බිත්තියේ වැදුනේ එහි සිටියවුන්ගේ සය නෙත් එදෙසට යොමු කරවමිනි🙄🙄🙄
ඒ වෙන කිසිවෙක් නොව ආදිම විය.
"ආහ් ආවද තමුසෙ මාව විනාස කරපු බැල්ලි"
ඉද සිටි තැනින් නැගිටගට් යූනා එසේ පවසමින් ආදී ඉදිරියට පැමිනියේය.
: "හහ් උබත් විනාස උනාද අහන්නත් සතුටුයි"
එසේ පැවසූ ආදී යූනාගේ ලගටම ගියේ හුස්මක තරම් පරතරයක් ඉතිරි කරමිනි....👿👿
රත් පැහැ සිව් නෙත් එකිනෙක යා වුනේ දෙදෙනාගෙම සිත් වෛරී සිතිවිලිවලින් වසා ගනිද්දීයි🤬
"දෙන්නම නවත්තනවා 😡😡"
ඔවුන් අසලට ආ ටෙරී හැරුනෙ ආදි දෙසටයි....
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanficපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤