🔥💥Fire Angel 🔥💥
27වන ගිනි සිලුව 🔥🔥🔥
ජීමිනුත් ටෙරීත් රාජකාරි සදහා නිවසින් පිටව යද්දී ආදි සිටියේ යීව නින්දට යවමිනි....
මද වේලාවකින් පසු ඇය ඔහුව යහනෙහි තබා මුලුතැන්ගෙයට යන්නට විය...
හදිසියේ ඇයට නිවස පිටුපසින් ඇසුනේ අමුතු ආකාරයේ විශාල ශබ්ද පෙලකි ....
එය හරි හැටි හදුනාගත් නොහැකි ශබ්දයක් කීවොත් නිවැරදිය නමුත් යම් තරමකට එය වෙඩි හඩකට සමාන බවද ඇයට සිතෙන්නට විය....
නිවසෙහි සිටින්නේ ඇයත් පුන්චි දරුවාත් පමනි ...
මේ වෙලෙහිම කුමක් සිදු වන්නට යන්නේද ...ඇගේ නිර්භීත හදවතට යම් ආකරයක බියක් දැනුනේ යී ගැනයි....
දැන් දැන් ඇගේ ලෝකයම දරුවාත් ජීමිනුත් වී ඇති සෙයකි....
ඉදින් බියක් දැනීම අරුමයක් නොවේ...කුමන ආකාරයේ ශබ්දයක්දැයි තෝරාගත් නොහැකිව ඇය නැවතත් සැරසුනේ උඩු මහලෙහි කාමරය වෙත යාමටයි...
ඇය තම පලමු පාදය තැබුවා පමනි නැවතත් ඒ ශබ්ද ඒ ආකාරයෙන්ම ඇසෙන්නට විය...
එය නිකුත් වී තත්පර ගනනකින් ඇසුනේ මිනිසෙකුගේ කෑගැසිමකි...."මොන මගුලක්ද.. දැං නම් බලන් ඉන්න බෑ ගිහින් බලන්නම වෙනවා🤨"
නමුත් ඇය සිතුවේ ඊට පෙර දරුවා බලා ඒමටයි...
ඉදින් ඇගේ වෙලාව හොදය එවෙලෙහිම නිවසේ ඉදිරිපස දොරෙන් ඇතුලු වූයේ අජුම්මයි...
"සුදු දූ මොකො මේ රතු වෙලා මොකක් හරි උනාද🤔🤔"
"ම්ම්හ් නැහ් ඔම්මා ටිකක් බබා බලනවද මං එලියට ගිහින් එන්නම්😊"
"ම්ම්ම් පරිස්සමින් සුදු දූ"
"😊😊😊😊😊"
නිකරුණේ අජුම්මාව කලබල කිරීමට ආදිට අවැසි වූයේ නැත...
ඇය සිතුවේ එය කුමක්දැයි බලාම ඇයට පවසනවා කියාය...හැද සිටි ඇදුමෙන්ම ඇය පිටුපස ගේට්ටුවෙන් එලියට පය තැබුවේය..
ඒත් සමගම පැමිනි නාදුනන පිරිසක් ඇය වටකොට ගත්තේ තවත් අඩියක්වත් නොයාහැකි ආකාරයෙන් මග අහුරමිනි...
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Hayran Kurguපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤