🔥💥 19 වන ගිනි සිලුව 🔥🔥

789 153 2
                                    

ඔහු පැමිණියේ ඇගේ ඉදිමුනු කකුල් තැවීමටයි ...

ඉදින් මද වේලාවක් ඈ දෙස බලා සිටි ජීමින් ශබ්දය්ක් නොනැගෙන ආකාරයෙන් සීරුවට ඇය අසලට ගියේ නිදන් ඉන්න එක ඇගට ගුන බව සිතමිනි...

ඇද ලගින් ම බිම තැබූ උනු වතුර සහිත පුන්චි බේසමට අත තිබූ  බේබි පැනල් එක දැමූ ජීමින් හැරුණේ ආදි දෙසටයි....

ඇගේ අතෙහි තිබූ පොත පසෙකින් තැබූ ඔහු සාක්කුවෙන් ගත් සිද්දාලේප කුප්පිය ගෙන ආදිගේ කකුල් මත තවරන්නට විය...

ඔහුගේ එම ක්‍රියාවත් සමගම ඇගේ මුවින් නික්මුනු සිහින් කෙදිරිය ඇසී නොඇසී යන්නට වූයේ දැනුනු සනීපය නිසාවෙනි....

ඇගේ කකුල් වල ක්‍රීම් ගල්වා උනු වතුරෙන් තැවූ ජීමින් කකුල් මත් හාදුවක් තැවරුවේ අපමණ ආදරයකින්  සහ ඇය අවදි වේයැයි බියකිනි...

ඇය අවදි වුවහොත්  පිස්සු නටන බව ඒකාන්ත බව ඔහු දන්නා නිසාවෙන් සියල්ල කලේ පරිස්සමිනි

💘💘💘💘💘💘💘💘💘💘💘💘

හා පැටියෙක් වගේ නිදා සිටින ඇය දෙස බැලූ ඔහුගේ නෙත් ඇගේ ඉදිරියට නෙරා ඇවිත් තිබූ කුස දෙසට යොමු වූයේ මහත් ආසාවකිනි.

ඇගේ කුස මත අත තැබීමට ආසවක් ඇතත් කුස මත හාදුවක් තැවරීමට ආසාවක් ඇතත් ඔහු එම අදහස උපන් ගෙයිම වලලා දැමුවේ මහත් දුකකිනි

💥💥💥💥💥💥💥💥💥💥💥💥

ආදි කියවමින් සිටි පොත පපුව උඩම තබාගෙන  මදක් නෙත් පියාගත්තේ ඇස් වලට දැනුනු විඩාව නිසයි....

මද වේලාවක්වත් යන්නට මත්තෙන් කාමරයේ දොර ඇරුනත් ඇය දෑස් විවර නොකරම බලා සිටියේ ඒ ජීමින් බව දන්නා නිසාවෙනි...

ඔහු කුමක් කරන්නෙදැයි දැනගැනීමට ආසාවකින් ඇය හොරැහින් බැලුවත් ඔහු දකී යැයි බියෙන් දෙනෙත් වසාගත්තේ සිතට අමුත්තක් දැනෙද්දීය...
😋😋😋😋😋😋

ඇයට නොපෙනුනත් ඔහුගේ සෑම සියුම් ශබ්දයක්ම  ඔහුගේ සෑම ස්පර්ශයක්ම ඇය විදගත්තේ මහත් ආසාවකිනි....😍🤗

ඇගේ සිත අපූරු කිතියකින් ඇදුම් කද්දී සිත ඇයට බල කලේ දෙනෙත් නොහරින ලෙසටයි...
ඉදින් ඇය එසේම සිටියේ සිතෙහි පෙරලි කරන අමුතු ආකාරයේ සිතිවිලි වලට ඉඩක් ලබා දෙමිනි...😋🥰

🔥🔥Fire Angel🔥🔥 Where stories live. Discover now