පලමු හිරු කිරණ පොලවට පතිතවෙත්ම ජිමින් සිටියේ ඔහුගේ කාමරයේ ඉදිරියෙයි...
ආදිගේ පිලිතුර දැනගන්නාතෙක් ඔහු සිටියේ අපමන නොයිවසිල්ලකිනි...
පෙරදින මධ්‍යම රාත්‍රිය වනතුරුත් ඔහුගේ සිතෙහි පොරබැදි සිතිවිලි වලට ගලා යාමට ඉඩක් ලබා දීමට ඔහුට අවැසි වූයේ ආදිගේ පිලිතුරයි...
"ටොක් ටොක්"
පිටතින් අගුලුලා තිබූ දොරට ඔහු දෙවරක් තට්ටු කර නතර වූයේ ඇය තවමත් නින්දේද් නැතිනම් වෙනත් වැඩක්ද යන්න තිබූ සැකය නිසයි....
නමුත් ඔහුගේ නොයිවසිලිවත්බව නිසාම ඔහු තව වරක් තට්ටු කරන්නට සැරසෙද්දීම ඇතුලතින් අගුලට අත තබන හඩ ඇසුනෙන් ඔහු වහා දොරෙහි අගුලු හැර දැමුවේය...
රත් පැහැ ගැගැන්වුණු දෙනෙතත්, දෙනෙතින් ගලා වියලී ගිය කදුලු වැලුත් අවුල්වී ගිය හිසකෙසුත් තවමත් හැද සිටින කිලිටි වී ගිය ඇදුම්ත් දුටු මතින් හැගෙන්නේ ඇය පෙරදින රාතියේ සිට තවමත් නිදි නොලබා හඩමින් කල්ප්නා කරමින් සිට ඇති බවයි ....
තමා කිවූ දෙය නිසා ඇය මෙලෙස සිටීම පලමු වරට ජීමින්ට පසුතැවිල්ලක් එක් කලේය.
ඔහු මෙපමණ වෙලා බලා සිටියේ සතුටින් සහ නොයිවසිල්ලකිනි ...නමුත් ඇය දුටු මතින්ම හදවත හිස්ව ගියේ අපමණ දොම්නසක් හද වෙලාගනිද්දීය...
මදින් මද ඇය අසලට ලං වෙද්දී ඔහු දුටුවේ තමා තබා ගිය කෑම පාර්සලය තවමත් තිබූ තැනම ඇති බවයි....
එයින් මද කෝපයක් දැනුනත් ඔහු එය ඉවසා ගත්තේ ඔහුගේ බැනුම් ඇයව තවත් හිතුවක්කරියෙක් කරන බව දැන සිටි නිසයි ......
"ම්ම්හ් ආදි මොකද මේ ආහ්😠"
ඇයට හොදින් කතා කොට පලක්ද නැත ඇය තමාව ගනනකට ගන්නෙ නැත ඉදින් සිතට දැනෙන අමුතු ආකාරයේ සිතිවිලි ඇය ඉදිරියේ දිග හරින්නට ඉඩක් තම සිතට දිය නොහැකිව ඔහු ලතවුනේය...
"😏තමුසෙගෙ ඩීල් එකට මං එකගයි... හැබැයි තමුසෙගෙ පොරොන්දුව ලියලා සයින් කරලා දෙනවා ... අනික මං ඉන්නෙ මට ඕනි විදියට මට බලපෑම් කරන්න එන්න එපා .... තමුසෙට දරුවව දුන්නට පස්සෙ ඉවරයි හැමදේම අරච්චි😕😕"
YOU ARE READING
🔥🔥Fire Angel🔥🔥
Fanfictionපලිගැනීමෙන් අන්ධ වූ මිනිසුන් පිරි ලෝකයක්... එකම පියාත් දරුවන් දෙදෙනෙකුත්... ඉවසීම ප්‍රගුණ කරන ගණිකාවකගෙ දියණියක් වූ ඇය.... සතුරා සමග අහම්බෙන් වන ගැබ් ගැනීමකින් කෙලවර වන ආදරයක් ❤