🔥💥Fire Angel 🔥💥 17වන ගිනි සිලුව 🔥🔥

790 159 0
                                    

එකෙනෙහිම දොරෙහි අගුලු ලෙහී යන සද්දයෙන් ඇය ඉද සිටි තැනින් නැගිට ගත්තේ මුව පුරා නැගි කදුලු වැල් පිසලාගනිමිනි....

ඇගේ වෛරී කදුලු පිටතට පෙන්නුවත් සිතෙහි උපන් වේදනාවෙන් නැගුණු කදුලු ඇය පිටතට පෙන්වන්නේ ඉබ්බාට විය් සිදුරෙන් අහස බලන්නට හැකි වූ කලට මෙනි

ගැහැනු සිතට නැගෙන අසරන කම එවෙලේ ඇයට දැනෙමින් තිබුනි ...ඇගේ
සිත හයිය  උවත්  ගැහැනුකම ඉදිරියේ ඇගේ හයිය හිත යට ගැසී යන්නට විය...

"ආදි "

"තමුසෙ මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ මෙහෙම කරලා... කරන්න තියන තිරිසන් වැඩ ඔක්කොම කරලා තවත් මොනවද ඕයි තමුසෙට ඕනි ආහ්😠 "

ඇය සූදානම් වූයේ කාමරයෙන් එලියට යාමටයි... නමුත් එයට ඉඩ දෙන්නට ජීමින් සූදානම් නොවූයේය.

"ආදි මං ඔයාට යන්න දෙන්නම් හැබැයි ඔය බඩේ ඉන්න මගෙ පැටියව මගෙ අතට දුන්නට පස්සෙ එතකං මං කියන විදියට ඉන්න ... මං මේ ගොඩාක් හොදින් කියන්නෙ ප්ලීස් ..."

ජීමින්ගේ මුලු සිතම අවුල් ජාලාවක්ව පැටලී තියෙද්දී ආදි මෙසේ හැසිරීම ඔහුගේ තරහා උපරිම වැඩවිය යුතුය... නමුත් කුමක්දෝ කරුණකට ඔහුට අද කේන්ති නොගියේ මන්දැයි ඔහුටත් ප්‍රශ්නයකි

සැබවින්ම ඔහුගේ සිත මහා අමුතු සිතිවිලි ගොන්නකින් පිරී තිබුනි... ඔහුට සිතා ගත නොහැක්කේ තමා කෙසේ නම් ආදිව ආරක්ශා කරන්නද තමන්ගෙම ලේ ආරක්ශා කරගන්නෙ  කෙසේද  මේ සියල්ලක් සිදු කරන්නට වන්නෙ සැගවීය... නමුත් කෙදිනක් වෙනකම් සගවන්නද...
ඔහුට වැටහෙන්නේ නැත...
නමුත් ඔහු තම සිතට දිවුරුම් දුන්නේ කෙසේ හෝ තම වගකීම හරි හැටි ඉටු කරන බවටයි

"ඇයි ?? ඇයි මං එහෙම කරන්නෙ ?? 😏✋ තමුසෙ කියන හින්දද??? හිතන් ඇති😏 හහ් 😡 මතක තියාගන්නවා මං ආදි...🔥 මට හිතුනොත් මේ ඔක්කොම ගිනි තියලා දානවා තේරුනාද 🔥🔥 තමුසෙ තමයි මගෙ ගොදුර ලෑස්ති වෙලා ඉන්නවා පණ පිටින් මැරෙන්න ... 😒😒 තව දෙයක් මට බලපෑම් කරන්න එන්න එපා😤😤 දැං ඔතනින් අයින් වෙනවා"

ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ මෙයින් පිටවන්නටය... ඔහු ලග සිටීමත් ඇයට අපුලකි අප්පිරියාවකි ...  කොයිතරම් දුරට සිත හදාගත්තත් ඇයට නැවත නැවතත් ඒ රාත්‍රිය සිහිවන්නේ තම ජීවීතේ බයන්කරම රාත්‍රිය එය නිසාවෙනි....

කෙතරම් පිරිමි ඇසුරු කලත්  කවුරුන් කුමන දේ කිව්වත් ඇය තම ආත්මය පිරිසිදු බව පණ මෙන් ආරක්ශා කරගත්තේය ... නමුත් ජිමින් නැමැති පාපතර පිරිමියා එක රැයකින් තමාව විනාස කර දැම්මේය...
එය් මතක් වෙන වාරයක් වාරයක් පාසාම ඇගේ ගතම කිටි කිටියේ වෙව්ලා යන්නේ ඔහුව පණ පිටින් පුච්චා කෑමට තරම් තරහවකිනි වෛරයකිනි

"අරස්සො එහෙනම් ඔයා කොයන දේ අහන් නෑනෙ  ඒ නිසා  අපි ඩීල් එකක් ගහමු... මෙහෙමයි මං දන්න්වා ඔයා ඔයාගෙ ඔම්මට ගොඩක් ආදරෙයි කියලා සෝ ඔයා මගෙ පැටියාව මට දුන්නොත් මං ඔයාගෙ ඔම්මා ගැන තොරතුරු ගොඩාක් හොයලා දෙනවා ... ඒකයි ඩීල් එක ඔයා තීරණය කරන්න හෙට උදේ වෙනක්ම් කල් දෙන්න්ම්  ... පරිස්සමින් ඉන්නවා මෙන්න කෑම එක වොශ් රූම් එකෙ වතුර වොශ් එකක් දාගන්න ඇති ෆ්‍රිඩ්ජ් එකේ වතුර ඇති බොන්න... තව මොනවා හරි ඕනි නම් කෝල් කරන්න "

ඔහුට දැං කිරීමට ඉතිරිව ඇත්තේ එපමනකි ... තමා දහසක් දේ පැවසුවත් ඇය එකග වන්නෙ නැත... ඇය සැබවින්ම ගිනි සිලුවකි... ලං වෙන්න ලං වෙන්න පිච්චෙන්නයි වෙන්නෙ ... ඉදින් ඔහු ඇගේ ඔම්මාගෙ තොරතුරු සොයා දෙන්නට පොරොන්දු වන්න තීරණය කලේ එබැවිනි...

ඇය කිසිවක් පවසන්නට පෙර ඔහු දොර වසා අගුලු දැමුවේ ආදි පොලොවේම හිදගනිද්දීය...

ඔහු හොදම තැන බලා ඉලක්කගත කලේය...

ඉදින් ඇය කල්පනාවට වැටී සිටින්නේ ජිමීන් පැවසූ දේ පිලිබදවයි ....

ආදි කොපමණ සෙව්වද ඇයට තම අව පිලිබද කිසිදු තොරතුරක් සොයාගත් නොහැකි වීය ...
මෙය හොද අවස්තාවකි නමුත් මෙය කල නොහැකිය ඒ පාහරයගේ නොහොබිනා පැටියෙක්ගෙ ඔම්මා වෙන එකට ඇය අංශු මමාත්‍රයක් වත් කැමතී නැත ...

කෙසේද මෙවැන්නකට සිත හදාගන්නේ....
කුමක් කරන්නද ඇය ලොකු පටලැවිල්ලකයි...

🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤

🔥🔥Fire Angel🔥🔥 Where stories live. Discover now