අතීතය......අමී (🥀) : " මට බැහැ තවත් මේක කරන්න...මන් තීරණයක් ගත්තා.මන් යනවා."
මෙච්චර වෙලා 4 න් එකට එබිලා හිටපු අමී එකත් පැත්තකට විසි කරලා එහෙම කිව්වේ අමී රියයි අතර මෙච්චර වෙලා තිබ්බ නිහඬ බවත් බිඳින ගමන්...රියා (🌸) : " මො..මොකක් ? මොනාද අමී, ඔයා මේ කියවන්නේ? කො..කොහේද යන්න හදන්නේ?"
රියා අමී දිහා බලාගෙන හිටියේ හොඳටම කලබල වෙලා පුදුමයෙන් වගේ...🥀 මන් එයා ගාවට යනවා රියා.මට ඕනි එයා ගාවින් ඉන්න විතරයි.ලඟින් ඉදන් එයා දිහා බලන් ඉන්න.එන හැම ප්‍රශ්නෙකදීම එයාට උදව් කරන්න.මට එ් දේවල් විතරයි කරන්න ඕන..
🌸 " මොනාද ඔයා මේ කියන්නේ අමී..? හොඳ සිහියෙන් ද කතා කරන්නේ.?
🥀 " ඔව්, මන් දැන් නම් ඉන්නේ හොඳ සිහියෙන් තමයි..එ්ත් මෙච්චර කාලෙකට මන් කරලා තියෙන්නෙ මගේ හිතටම බොරු කරගත්ත එකයි.එ්ත් තවත් මට මේක කරන්න බෑ. මෙහෙම....මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි.මන් පොරොන්දු වෙනවා, කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්නේ නෑ කියලා..මට..මට ඕනි එයා ලඟින් ඉන්න විතරයි දෙවියනේ.."
එහෙම කියන ගමන් අමී රියා ගාවින් අැඳේ වාඩි වෙලා ඔලුවත් පහත් කරගෙන අතේ ඇඟිලි හිසකෙස් අතරින් යවන ගමන් එ්වා තදින් අල්ලගත්තා..
🌸 එ් කියන්නේ..ඔයා..ඔයා මාව දාලා යනවද?ඔයා හොඳටම දන්නවා අමී...පවුලේ කෙනෙක්ට කියලා මට ඉන්නේ ඔයා විතරයි..ඒත්..ඒත් ජීවිතේටවත් දැකලා නැති කෙනෙක් වෙනුවෙන් ඔයා මාව දාලා යනවද? මාව තනියෙන් දාලා එ් තරම් දුරකට යන්න ඔයා කොහොමද හිත හදාගත්තේ අමී..?"
රියා අනිත් පැත්ත හැරිලා අමීට නොපෙනෙන්න එයාගේ ඇස් වලින් වැටුණු කඳුලු පිහිදුවා.අමී රියාගේ අතින් අල්ලලා එයාගේ පැත්තට හැරෙව්වත් රියා අමීගේ අත ගසලා දැම්මේ මට ඕනි නෑ ඔයත් එක්ක කතා කරන්න කියන ගමන්.එ්ත් අමී ආයෙත් රියාගේ උරහිස් වලින් තදින් අල්ලලා එයාගේ පැත්තට හරවගත්තා.
🥀 මේ අහන්න රියා....ඔයා දන්නවා නේද මන් ඔයාට කොච්චර ආදරේද කියලා.!! පොඩිකාලේ ඉඳලා අපි හැදුනේ එකට.එකට ඇඬුවා, එකට හිනා උනා.එකට සෙල්ලම් කලා. හැම දුකක්ම එකට දරාගත්තා.අපි දෙන්නට මුලු ලෝකෙම උනේ අපි දෙන්නා විතරයි. එ්ත් දැන් අපි ලොකු වෙලා..අපේ ජීවිත වලට තවත් කට්ටිය එකතු වෙලා..ඔයාට ඔවෙන්...එතකොට...එතකොට මට එයා....ඔවෙන් හිටියේ නැත්තම් මන් ජීවිතේට ඔයාව මෙහේ තනියෙන් දාලා යන්න තියා හිතන්නෙවත් නෑ.එ්ත් ඔවෙන්ගේ මුලු ජීවිතේම දැන් ඔයා.මට ඕනි නෑ එක විනාඩියක්වත් ඔයාලා දුරස් වෙලා ඉන්නව දකින්න.මොකද මන් ඒ වේදනාව හොඳටම විඳින කෙනෙක්.ඒ නිසයි රියා...මන් ඔයාව මෙහේ දාලා තනියම යන්න තීරණය කලේ. ඔවෙන්ව මට, මටත් වඩා විශ්වාසයි.එයා ඔයාව මටත් වඩා හොඳට බලාගන්නවා කියලා මන් හොඳටම දන්නවා. "
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...