වර්තමානය...." අ... අනී.....අනේ... කරුණාකරලා... යන්න එපා...ප්ලීස් අනේ..නවතින්න...."
🐯 " ආයිශ්.....ආයෙත්, ආයෙත් පාරක්.....ඒ හීනෙමයි...මොකක්ද මේ!!..ඇයි මේ..!ක..කවුද ඒ හීනෙ ඉන්න ගෑණු ලමයා..? ඇ...ඇයි මට ඒ හීනේ හැම තිස්සෙම වගේ පේන්නේ...එ් මදිවට මට මේ තරම් රිදෙන්නේ ඇයි..? හරියට.....හරියට, පපුවට කිනිස්සකින් අනිනවා වගේ...ඇයි දෙයියනේ මේ...?"
තමන්ගෙම හිතින් ප්‍රශ්න දාහක් අහන ගමන් ටේ ඇහැරුනේ ඇස් වලින් කඳුලු පෙරාගෙන.ඉහෙන් කනෙන් දාඩිය වැක්කෙරෙද්දි. ඇඳ ලඟ ටේබල් එක උඩ තිබ්බ වතුර වීදුරුව එක හුස්මට හිස් කරලා දැම්මේ හොඳ සිහියට එන්න හිතාගෙන.ඇඳ උඩම ඉඳගෙන සන්සුන් වෙන්න හදද්දියි මතක් උනේ ඊයේ රෑ සිද්ද වෙච්ච දේවල්...
🐯 "ඇයි...ඇයි යුන්ගි හ්යුන් මට එහෙම කෑ ගැහුවේ....? යුන්ගි හ්යුන් ටිකක් තද කෙනෙක් උනත් ජීවිතේට මට එහෙම කතා කරලා නෑ. එ..එයා ඒ තරම් තරහෙන් ඉන්නවා මන් කවදාවත් දැකලා තිබුනෙත් නෑ. ඒ මදිවට හ්යුන් හොඳටම බීලා කියවපු දේවල් මගේ කන් අැතුලේ තාමත් දෝංකාර දෙනවා.හ්යුන්..හ්යුන් කා ගැනද දෙවියනේ ඒ කිව්වේ...මො...මොන ගෑණු ලමයෙක්ද..? හොඳටම වෙරි වෙලා හිටපු නිසා සිහියක් නැතුවවත් කියෙව්වද.? ඒත්..ඒත්.. එච්චරටම තරහ ගන්න තරම්...!!! "
"මට තේරෙන්නැ....මට තේරෙන්නෑ මේ මුකුත්ම...ඇයි කවුරුත්ම මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නැත්තේ.?මගේ හීනේ ගැන අනිත් අයට කිව්වත් එයාලා කරන්නේ හැමතිස්සේම කතාව වෙන පැත්තකට හරවන එක.මෙතන මොකක්ම හරි දෙයක් තියෙනවා...ඒත්, ඒත්....කවුරුත්ම කියන්නේ නැතුව මන් එ්ක කොහොමද දෙවියනේ දැනගන්නේ....මොකක්ද හැමෝම මගෙන් හංගන්න හදන්නේ.. "
"පො...පො..පොඩ්ඩක් ඉන්න..එතකොට...එතකොට.. ඊයේ යුන්ගි හ්යුන් කියපු ග්ර්ල් මගේ හීනෙ ඉන්න කෙනාවත්ද..? ඒත්...ඒත් ඒ කවුද...?අැයි මට කිසිම දෙයක් මතක නැත්තේ..?"
එහෙම කියලා කකුල් දෙක අස්සෙත් කොට්ටයක් ගහන්, තවත් කොට්ටයක් බදාගෙන අැඳේ ගුලි උනේ මේ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නැති නිසා හැමදෙයක්ම අමතක කරලා ආයෙත් නිදාගන්න හිතාගෙන.ඇස් දෙක පියාගන්න හැදුවත් හිත නම් ඒකට ඉඩ දුන්නෙම නෑ.බැරිම තැන ටේබල් එක උඩ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බැලුවේ උදේ වෙන්න ලඟ අැති කියලා හිතුනු නිසා. ඒත් වෙලාව පාන්දර 1 ට විනාඩි 10 ක් විතර අැති. උදේ වෙන්න තව කොච්චර වෙලා තිබ්බත් දැන් ආයෙත් නිදාගන්න හැදුවට නින්ද යන් නැති බව ටේ හොඳින්ම දැනම් හිටියා...එ් හීනේ පෙනුන හැම දවසකම ටේට එතනින් පස්සේ නින්ද ගියේ නෑ.හේතුවක් දන්නැති උනත් ටේගේ හිතට ඒ හිනේ පුදුම විදියට වද දුන්නා..නින්ද යන්නේ නැති නිසාම බැල්කනි එකට යන්න කියලා හිතාගෙන ටේ අැදෙන් නැගිට්ටා.
YOU ARE READING
Another Dream🥀
FanficThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...