ඒත් පරක්කු වැඩී. පඩිය අයිනෙම හිටපු නිසා බැලන්ස් නැතුව අපි දෙන්නම එකපාරට පඩිපෙලෙන් බිමට වැටුනේ හිතන්නවත් වෙලාවක් නොදී..............................
මට දැනුනේ ටේගේ ශක්තිමත් අත් අතරට මාව තවත් තද වෙනවා වගේ.මගේ ඔලුව වටේ රැඳිලා තිබ්බ ටේගේ අත මොහොතකටවත් ඈත් වුනේ නෑ.මන් කොච්චර උත්සහ කලත් අපි දෙන්නා පඩිපෙල දිගේ පහලට රෝල් වෙලා යන එක නතර කරන්න, ඒකෙන් වුනේ තවත් වේගෙන් අපිව පහලට රෝල් වෙච්ච එක.ටේගේ ග්රහණය තව තවත් වැඩ වෙද්දි මන් කරේ එයාගේ shirt එකේ කොනක් තදින් මිරිකගෙන ඇස් පියාගත්ත එක...
තත්පර ගානක් යද්දි මන් හිටියේ ටේහ්යුන්ගේ ඇඟ උඩ. මට දැනුනේ මගේ මුලු ඇඟම වෙවුලනවා වගේ...මන් හිමීට ඇස් අරිද්දි දැක්කේ ඇස් දෙකත් පියන් බිම වැටිලා ඉන්න ටේව...
" ටේහ්යුන්,..ටේහ්යුන්..."
" දෙවියනේ කතා කරන්න..ඇස් දෙක අරින්න.."මන් එයාගේ පපුවට තට්ටු කරත් එයා ඇහැරුනේ නෑ.මට දැනුනේ මගේ හොඳ සිහිය නැත්තටම නැති වෙනවා වගේ.
මන්..මන් නිසයි මේ ඔක්කොම..ටේට මොනා හරි වුනොත් මම මටම සමාවක් දෙන්නෑ කවදාවත්ම...
මන් පහත් වෙලා ටේගේ පපුවට කන තිබ්බේ හුස්ම වැටෙනවද බලන්න..
ඒත් තත්පරයක්වත් යන්න නොදි මට දැනුනේ ඒ හුරුපුරුදු අත් මගේ ඔලුව වටේ එතෙනවා....
" ඔප්පා..."
" අායිශ්....සද්දේ.....වෙන කෙනෙක් දැක්ක නම් හිතයි මෙතන කවුරු හරි මැරිලා කියලා..."
" ඔප්පා...ඔප්පා...ඔයා ඔයා..හොඳින්ද? මුකුත් වුනේ නෑ නේද? තුවාල උන් නෑ නේද..? අහ්? "
Tae ' s Pov :
අයිශ් මේ කෙල්ල.... පහලට වැටෙද්දී මන් අමීව පුලුවන් තරම් මගේ ඇඟට තද කරගෙන ඔලුව පිටිපස්සෙන් අත තිබ්බේ කොහේ හරි වැදෙයි කියලා බයට.කොහෙද ඉතිම් දඟලනවනේ...
වාසනාවට වගේ ඔයින් බේරුනේ. පිට පැත්තෙන් පොඩි වේදනාවක් ආවත් මන් බොරුවට සිහිය නෑ වගේ හිටියේ මේ කෙල්ල මොනා කරයිද කියලා බලන්න.හිතුවට වඩා එයා කලබල වුන නිසා මන් නැඟිට්ටා.පොඩි එකෙක් වගේ මට තුවාල වෙලාද කියලා මාව එහාට්ට මෙහාට්ට හරව හරව බලද්දි මට හිනා යන්න ආවත් මන් හිනාව ගිලගත්තේ හොඳ වැඩක් කරන්නම් කියලා හිතාගෙන..ඊයේ සිද්දිය නිසා අමී මාව මඟ අරිනවා.මේක තමයි හොඳම අවස්තාව එයාව ආයේ යාලු කරගන්න..
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...