🥀 " අයිශ්.....මන් නම් මේ වැඩේට පොඩ්ඩක් වත් කැමති නෑ."
එහෙම කියන ගමන් අමී එයාගේ hoodie එක මුලු ඔලුවම වැහෙන විදියට දාගත්තා.
අමී, රියා එතකොට ඔවෙන්.....මේ 3 දෙනා ගජ යාලුවෝ.හරියට එක කුසේ උපන් සහෝදර, සහෝදරියෝ වගේ.එක්කෙනෙක්ට එක්කෙනෙක්ගේ කඳුලු පෙන්නන්න බෑ. හරියට දෛවය විසින් එයාලව එකට මුණගස්වලා වගේ.
මෙයාලා තමයි college එකේ හිටපු King & queens ලා දෙන්නා. Golden Trio කියලා තමයි හැමෝම කතා කලේ...ඇත්තටම ඒ නම් දැම්මේ college එකේ අනිත් ළමයි.මෙයාලා college එකේ මේ තරම් කැපිලා පේන්න පලවෙනිම හේතුව උනේ ඒ 3 දෙනාගෙම පෙනුම.අමීට හරි හුරුබුහුටි පෙනුමක් තිබ්බේ. චබී කම්මුල් දෙක නිසා මුලු මූනම පිරිලා.ලොකු රවුම් ඇස් දෙක තරු කැට වගේ දිලිසෙනවා. ඉන ගාවට දිග ස්ට්‍රේට් කොණ්ඩේ , පැහැපත් සම... කවුරු උනත් කෙල්ලව දැක්ක ගමන් එයාලගේ ඇස් යන්නේ චබී කම්මුල් වලටයි, කලුම කලු පාට බෝල ඇස් වලටයි. මේ හැමදේම නිසා අමීව පෙනුමට පෙනුනේ ගොඩාක් වයසින් බාලයි වගේ .හැබැයි වැඩිය උස නම් නෑ..😅එ්ක නිසාම තවත් හුරුබුහුටි විදියටයි අමීව පෙනුනේ...එ්ත් ඉතිම් ඔවෙන්ගේ නම් වැඩේ ඕක අල්ලන් කෙල්ලව අවුස්සන එක.😅
එතකොට රියා.... එයා නම් අැත්තටම model කෙනෙක් වගේ. කැරලි කොණ්ඩේ , නළලට වැටෙන bangs , Golden color skin එක, දිග slim කකුල් දෙක.කොල්ලෝ විතරක් නෙමේ කෙල්ලෙක් උනත් ආයේ පාරක් හැරිලා බලන තරමේ ලස්සනක් තමයි රියාට තිබුනේ...කීප වතාවක්ම model කෙනෙක් විදියට ක්ෂේත්රයට එන්න කියලා ආරාධනා ලැබුණත් ඒ හැම එකක්ම රියා ප්‍රතික්ශේප කලේ ඇත්තටම ඒ දේවල් වලට ඔවෙන් වගේම රියත් අකමැති උන නිසා.
එතකොට college එකේ King ඔවෙන්...රියාට වඩා ටිකක් සුදුයි. හරිම කඩවසම්.සෙල්ලක්කාර පෙනුමක් තිබ්බත් හදවත නම් මාරම හොඳයි.හැමතිස්සේම වගේ ජොලියෙන් ඉන්න තමයි උත්සහ කලේ. කාව හරි අවුස්සන්න තියේ නම් ඉතිම් එ් තරම් දෙයක් ඔවෙන්ට නෑ.හැබැයි ඉතිම් හැමදාම ඔය අකරතැබ්බට අහු උනේ අමියා තමයි.😂 රියාට වගේම ඔවෙන්ටත් තිබ්බේ කැරලි කොණ්ඩයක්.අහ් අහ් අහ්...... තව එකක්...එ් හිනාව. බනී හිනාව...🐰එ්ක තමයි ඔක්කෝටම මුල උනේ..😄 එක පාරක් හිනා උනොත් කෙල්ලෝ පෝලිමට🤦.
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...