🥀 " මො..මොකක්ද.? බය කරන් නැතුව කියනවකෝ."🌸" අපිට...අපිට තව චාන්ස් එකක් තියෙනවා අමී."
🥀" මො...මොකක් ? මොනාද මේ කියන්නේ?"
අමී ඇහුවේ එයාගේ බෝල වගේ ඇස් දෙක තවත් ලොකු කරගෙන....
🌸 " අහන්නකෝ...මන් දැන් හම්බෙන්න ගිය professor....එයා SLK Fashion academy එකේ වැඩ කරන කෙනෙක්ව ටිකක් අඳුරනවා...මන් ඔයාට විස්තර එහෙම ගෙනත් දුන්නේ ඒ Sir ගෙන් නේ...ඒ සර්...ඒ සර් කිව්වා..."
🥀" මොකක්ද දෙවියනේ..ගොත ගහන් නැතුව කියනවකෝ..."
🌸" මේ පාර ගන්න Fashion Designers ලා දෙගුණයකින් වැඩි කරන්නලු යන්නේ..."
රියා කියපු දෙයින් අමී උඩ ගියා...
🥀" මොකක්...අනේ රියා , ඔයා මේ ඇත්තමද කියන්නේ ? "
🌸" ඔව් කෙල්ල..මන් මේ ඒක කියන්න පන දාගෙන දුවගෙන ආවේ.ඒත් ඒක තාම හරියට confirm කරලා නැ...confirm උන ගමන් හැමෝටම දැනුම් දෙන්නම් කිව්වලු.අමියා...ඔයා 12 වෙනියනේ..ඒ නිසා අනිවාර්යෙන් ම ඔයාට චාන්ස් එකක් ලැබෙනවා.ඔයාට වගේම තව 9 දෙනෙක්ට...දෙවියනේ ඇති යාන්තම්.."😥
🥀 " අනේ රියා..මට මේක හිතාගන්නවත් බෑ..ඒ කියන්නේ...ඒ කියන්නේ...මට එයා ගාවට ඉක්මණින් ම යන්න පුලුවන් නේද??"😭
අමී ඇහුවේ ඇස් වල කඳුලු පුරෝගෙන රියාගේ අතින් අල්ලන් හොලවන ගමන්..
🌸" ඔව් මගේ චූටි කෙල්ල..ඔයා අනිවාර්යෙන් ම එයා ගාවට ගිහින් තමයි නතර වෙන්නේ..."
රියා අමීගේ කම්මුල් දෙකෙන් අල්ලගෙනම එහෙම කිව්වා.
දෙන්නම බදාගෙන වටේ කැරකි කැරකි උඩ පැන්නේ අපි ඒක කොහොම හරි කරා කියන ගමන්..දෙන්නගෙම ඇස් වල සතුටු කඳුලු.
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...