Chapter 19 ~

102 11 4
                                    

⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.

NEW YEAR SPECIAL✨

අවුරුදු ගණනකට පසු :

Tae's Pov:

මාත් , අමිත් අපි දෙන්නම බංකුවක් මත එකිනෙකාට මඳක් දුරින් ඉඳගෙන දීර්ඝ කතා බහක..හරියට නිකම් අතීතාවර්ජනයක් වගේ. ටික වෙලාවකින් ඒ ගැඹුරු කතා බහට බාදාවක් වෙමින් අමීගේ 4 න් එක රින්ග් වෙන්න පටන් ගත්තා.

🥀📞 : " හෙලෝ රියා කියන්න.."

අහ් ඒ රියා..රියා අමීට මොනවද කිව්වේ කියන්න මට අැහුනේ නැති වුනත් අමී කතා කරපු දේවල් මට හොඳට ඇහුනා.

🥀📞 : " මොකක්...හනෙල්??? එයා අඬනවද?

සුලුමොහොතකින් මට අහන්න ලැබුන ඒ නම නිසා මාව ඉබේටම වගේ ගැස්සිලා ගියා.
හනෙල්...??? හනෙල් කියන්නේ මන්....මන් නෙමෙයිද??

🥀" රියා..4 න් එකේ speaker on කරන්න..මන් එයාට කතා කරන්නම්.

අමී කලබල වෙලා..කා වෙනුවෙන්ද? එයා 4 න් එකත් කනේ තියාගෙනම අඩියක් දෙකක් එහාට්ට මෙහාට්ට ඇවිද්දා.

🥀" හනෙල්....මගේ මැණික. ඔම්මව ඇහෙනවා නේද? අඬන්න එපා මගේ පැටියො.ඔම්මා ඉක්මනට එනවා..හරිද?"

ඔ...ඔම්මා....??? මට හොඳටම විශ්වාසයි, එයා කිව්වේ ඔම්මා කියලා...මට දැනුනා මගේ හද ගැස්ම වැඩිවෙනවා කියලා.අහන්න දහසක් දේවල් තිබ්බත් මගේ කටෙන් එක වචනයක්වත් පිටවෙන්නේ නැහැ. මන් කලේ තුෂ්නිම් භූත වෙලා අමී දිහා බලන් හිටපු එක විතරමයි.

ඔම්මා...??? ඒ වචනේ මගේ කනේ දෝංකාර දෙනවා.
මොකක්..අපි අතර එහෙම?? පොඩ්ඩක් ඉන්න, කිස් කලාම ලමයි හම්බෙනවද😳??
මඟුල..😑 මොනාද ටේහ්යුනා තමුසේ මේ හිතන්නේ?? අයියො මගේ මොලේ හොඳටම අවුල් වෙලා..
ඒ කියන්නේ...ඒ කියන්නේ..අමී වෙන කවුරු....

🥀" ටේහ්යුන්....මට ඔයාට දෙයක් කියන්න තියෙනවා."

4 න් එක කට් කරලා අමී මන් ලඟට ඇවිත් කතා කලාමයි මන් මේ ලෝකෙට ආවේ.

🐯 " ඕ..ඕ..හරි කියන්න.."

🥀" මෙතන නෙමේ...මට ඇත්තටම ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා"

අමීගේ වචන වල තිබ්බේ අවිනිෂ්චිත බවක්, ඒ වගේම එයා වද වෙනවා. කවුරු හරි කෙනෙක් ගැන ගොඩක් වද වෙන විත්තියක් ඒ ඇස් වලින් පෙනුනා..ඔව් අනිවාර්යෙන් ම ඒ කෙනා දැන් කතා කරපු කෙනා වෙන්න ඕන.
මට ඇත්තටම ඕන වුනේ නෑ එතනින් අඩියක්වත් හෙල්ලෙන්න. මොකද මගේ හිතේ කොනක ලොකු බයක් තිබුනා. අමී කියන්න යන දේ , මට පෙන්වන්න යන දේ මන් හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන දෙයක් වෙයි කියලා.
ඒ හැම බයකටම මුල වුනේ එකම එක වචන පේලියක්...
ඒ...අමී මට නැති වෙයිද කියන එක.

................................................................
.
.
.
.

.
.
.

.
.
.

.
.
.

හිත හයිය කරගෙන, මාත් අමීගේ පස්සෙන් ඔහේ ඇදිලා ගියා.

සුදුම සුදු පුලුන් බෝලයක්....
කැරලි කොන්ඩේ ,
අඬපු කඳුලු පාරවල් වේලිලා ගිහින් රෝසම රෝස පාටට හැරිලා තිබ්බ පිරුන කම්මුල්,
අමීව දැක්ක ගමන් කඳුලු එක්කම දිලිසුන ඒ බෝල ඇස් ලඟ මගේ හදවත ඉබේටම වගේ නතර වුනා..

අවුරුද්දක් විතර වයස පුංචි පැටියෙක් රියාගේ බෙල්ල වටේ පටලවන් හිටපු අත් දිග ඇරලා අමීගේ බෙල්ල වටේ ඔතාගත්තේ, අමීගේ උණුහුමට හරි ඕනෑකමෙන් ලන්වෙද්දි...අමිත් කඳුලු පිරුනු ඇස් වලින් පොඩි කොලු පැටියව තුරුලු කරන් ඔලුවට පුංචි හාදු තියන්න පටන් ගත්තා.

🥀" ඔම්මා අාවා මගේ මැණික..."

ඒ චවන වලට මගේ හදවත මොනතරම් රිදෙව්වත් මගේ ඇස් මොහොතකටවත් ඒ දෙන්නා ගාවින් වෙන් වුනේ නෑ.

.
.
.
.

.
.
.
.

.
.
.
.

.
.
.
.

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

හායි ලමාාායි...අම්මො..ගොඩ කාලෙකින් නේද?? 😥

වැඩ වැඩි නිසා ලියන්න වෙලාවක් නෑ..ඒත අද පුංචිම පුංචි කොටසක් NEW YEAR SPECIAL එකක් විදියට දෙන්න හිතුවා..😀
ගොඩකාලෙකින් ලිව්වේ නැති නිසා අඩුපාඩු ඇති...🤧
මේ කතාවේ ගොඩක් දේවල් වෙන්න තියෙනවා ඉස්සරහට.😊💜
පුලුවන් වෙලාවට මන් අප්ඩේට් කරන්නම්..කියවන, වොට් කරන හැමෝටම ගොඩක් තෑන්ක්ස්.💜

HAPPY NEW YEAR ARMY.💜

Another Dream🥀Where stories live. Discover now