උදේ 8 .30 ට තමයි රිසාල්ට් දානවා කියලා තිබ්බේ. රියා 5.30 විතර ඉදම් ඇහැරගෙන. අමී නම් රෑ නිදා ගත්තේම නෑ.කෙල්ල හොඳටම බය වෙලයි හිටියේ.කාමරේ එහාට්ට මෙහාට්ට කැරකි කැරකි ඉඳලා අන්තිමේදි දන්නෙම නැතුව 7 ට විතර අමීට රියාගේ ඔඩොක්කුව උඩම නින්ද ගිහල්ලා.රියාත් අමීව ඇහැරවන්නේ නැතුවම වෙලාව ලන් වෙන කම්ම ටිකක් නිදාගන්න දුන්නා.
8.30 වෙන්න ඔන්න මෙන්න තියෙද්දි රියා හිමීට අමීගේ ඔලුව අත ගාලා කෙල්ලව නැඟිට්ටුවා. අමී දඩි බිඩි ගාලා ඇඳෙන් බිමට බැස්සේ මේසේ උඩ තියලා තිබ්බ 4 න් එකත් අතට ගන්න ගමන්මයි.
ඒත් 4 න් එක අතට ගත්ත අමී හොඳටම කලබල උනේ අතේ ඇඟිලි notification bar එකේ වේගෙන් ඉහල පහල යවන ගමන්...
🥀 අනේ ..අනේ රියා බලන්නකෝ.....ඇ..ඇයි..mail එකක් ඇවිත් නැත්තේ.?" අමීගේ කටහඬ හොඳටම වෙවුලනවා...
🌸"මො..මොකක්..? කෝ මෙහාට්ට දෙන්න ඕක.."
ඒත් එක්කම රියා කලබලෙන් අමීගේ අතේ තිබ්බ 4 න් එක අතට ගත්තා. කිව්වා වගේම mail එකක් ඇවිත් තිබ්බේ නෑ. 8.30 පහු වෙලා විනාඩි කීපයකුත් ගිහිල්ලා...
අමීයි, රියයි, කඳුලු පිරුනු ඇස් වලින් දෙන්නට දෙන්නාගේ මූණවල් දිහා බලාගත්තේ ඔක්කොම බලාපොරොත්තු ඉවරයිද කියන්න වගේ...
එතකොටම රියාගේ අතේ තිබ්බ අමීගේ 4 න් එක vibrate වුනේ රියාව ගැස්සිච්ච පාරට උඩ යවන ගමන්.
🌸"දෙව්යනේ අමී..අමී මේ බලන්න කෙල්ල. mail එකක් ආවා දෙවියනේ..මන් කිව්වනේ ...මන් කිව්වනේ ඔයාට...ඔයා අනිවාර්යෙන්ම පාස් වෙනවා කියලා....."
එහෙම කියන ගමන් රියා අමීගේ අතට 4 න් එක දුන්නා.
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...