⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.Ami' s Pov :
මන් හිතුවා වගේම මට දරාගන්න බැරි වෙන තරමටම මගේ බඩේ වේදනාව වැඩි වෙන්න පටන් ගත්තා. රියා... අනේ එයා හිටිය නම් වෙනද වගේම මට නින්ද යනකම් මගේ බඩ අත ගාවි. මන් හිටියෙත් හොඳ සිහියෙන් නෙමෙයි. හරියට මට දැනුනේ මන් මැරෙන්න ලන් වෙලා වගේ. ඒ තරම්ම රිදුනා කිව්වොත් ඇත්ත.තවත් ඉවසන් ඉන්න බැරිම තැන මන් ජීවිතේටවත් ටේහ්යුන්ගෙන් කරන්න හිටපු නැති ඉල්ලිමක් ඒ වෙලාවේ සිද්ද කරන්න වුනා. අනේ මන්ද ඒක අහන්න පවා කොහෙන් ඒ වෙලාවේ මට හයියක් ආවද කියලා. සමහර විට මන් හොඳ සිහියෙන් හිටියා නම් කොච්චර අමාරු වුනත් ඔය වගේ ඉල්ලීමක් නොකර ඉඳීවි. අයිශ් , ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ?
🐯" මොකක්????"
ටේ පුදුම වෙලා අහපු විදියට ඇත්තටම මට ටිකක් බය හිතුනා.එයා හිතනවද දන්නෑ මන් මහ පිස්සු කෙල්ලෙක් කියලා. මන් අයුතු ප්‍රයෝජන ගන්නවා කියලා හිතුවොත්..අනේ අමී මොකක්ද ඔයා මේ කලේ?? මෝඩි , මෝඩි දැන්ම කියනවා විහිලුවක් කලේ කියලා.😭
🥀" අහ් අහ්..අනී..මන් විහිලුවක් කලේ..ඔයා ඒක අමතක කරලා දාන්න. මන් එහෙම දෙයක් ඇහුවේ නෑ කියලා හිතාගන්න , චෙබල්"
🐯" මට පුලුවන්."
🥀" ඒක තමයි...මන් දන්නවා..මන් දන්නවා..මන් මහ පිස්සු දෙයක් ඉල්ලුවේ කියලා......මොකාාාාක්??? මොකක්ද ඔප්පා දැන් කිව්වේ??😳"
🐯" මන් කිව්වේ මට පුලුවන් කියලා. ඔයාට අවුලක් නැත්තම්, එහෙම කරාම හරි යනවා නම් මන් කරන්නම්."
ටේහ්යුන් මොනාද මේ කියන්නේ? එයාට ඇත්තටම අවුලක් නැද්ද?😳 මන් හිතන්නේ මන් එයාව අපහසුතාවයට පත් කලා. ඔව් ඉතිම් උදව්වක් ඉල්ලුවම ටේ කොහොමත් බෑ කියන කෙනෙක් නෙමේනේ.😞
මන් මුකුත් කියන්නත් කලින් එයා ආයෙත් ඇඳෙන් වාඩි වුනා.
Tae' s Pov :
අමී එහෙම දෙයක් ඉල්ලුවම ඇත්තටම මන් පුදුම උනා. ඇත්තටම කිව්වොත් මන් ජිවිතේට දැකලා නෑ එයා අඩුම තරමේ කොල්ලෙක් එක්ක අතක් අල්ලන් ඉන්නවා වත්..එක අතකින් මට හරි අමුතු සතුටක් දැනුනේ. එයාට මාව විශ්වාස නිසානේ එහෙම දෙයක් ඇහුවේ. අනිත් අතට මට දුකක් දැනුනේ එයා ඉන්නේ ගොඩක් අමාරුවෙන් කියලා මට තේරුන නිසා. මොකද නැත්තම් ජීවිතේට අමී ඔහොම ඉල්ලීමක් කරන් නෑ. මන් හා කිව්වා. මට ඒක ප්‍රතික්ශේප කරන්න හේතුවක් නෑ. ඇත්තටම මට ඕන වුනේ ඒ වෙලාවේ එයාට මට පුලුවන් විදියට උදව් කරන්න.
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...