Chapter 18 ~

91 11 22
                                    

.
⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.

🥀📞 "රියා.. වැඩේ හරි වගේ...😥"

🌸📞" හම්මෝ..😬 හරි එහෙනම් යුද්දෙට ලෑස්ති වෙන්න කෙල්ල...🤧"

අමී එහෙම්ම ගියේ ලඟම තියෙන  convenience store එකට...

Tae ' s Pov :

අද හ්යුන්ලා වැඩ වගයකට Seoul වලින් පිට ගිහින්..ගෙදර ඉන්නේ මායි , JK යි අමී විතරයි...
අද මට එච්චර ලොකු වැඩක් නැහැ. ඒත් පොඩි වැඩ වගයකට එලියට යන්න ඕන නිසා මන් ලෑස්ති වෙලා කාමරෙන් එලියට ආවා. ශුවර් එකටම JK නම් අද දවසම ජිම් එකේ තමයි..මන් එලියට ඇවිත් බලන් හිටියේ අමී කාමරෙන් එලියට එනකම්. හ්ම්ම්... එයා මගේ කාමරේ දොර අරින සද්දෙට හැමදාම උදේට දඩිබිඩි ගාලා එලියට එනවා.

ඒත් අද නැහැ. මන් මේ බලන් ඉන්නේ මගේ magic spell එක ඇහෙනකම්...
අමී මාත් එක්ක හොඳට කතා බහ කරන්න පටන් ගත්ත කාලේ ඉදම් එයා උදේටයි , හවස වැඩ ඇරිලා ආවමයි පොඩි වචන කීපයක් කියනවා.

උදේට " Fighting උරි ටේහ්යුනා.."

හවසට " චල්හන්දා උරි ටේහ්යුනා.. (Well done our Taehyung )"

පුංචි වචන 3 ක් තමයි..ඒත් මන් ඒ වචන වලට ඇබ්බැහි වෙලා..හරියට Depression වලට music වගේ. මන් මගේ දවස මොන විදියට ගෙව්වත්, practice වලදි , එහෙම නැත්තම් වෙන වැඩකදි හරි මගේ අතින් මොන අතපසුවීමක් , වැරුද්දක් වුනත් අමී දවස පටන් ගද්දිත් , දවස අවසන් වෙද්දිත්  එයාගේ අහිංසක හිනාවත් පෙන්වගෙන ඒ වචන ටික කියන්න අමතක කරන්නේ නෑ...ඒත් එක්කම උඩ පැනලා කෙලිලොල් කමට මගේ අතට දාන high five එක....ඒ හැමදේම මගේ ජීවිතේ නැතුවම බැරි කොටස් වෙලා වගේ දැනෙනවා දැන් මට....

ඒත් අද එයා නැහැ..සමහර විට ඊයේ රෑ සිද්ද වෙච්ච දේවල් නිසා වෙන්න ඇති. එයා හොඳටම ඇඬුවා.තාමත් ඒ අවුලෙන් ඇත්තේ.😔

Flashback :

Tae ' s Pov :

එකපාරටම Jackson හ්යුන් අමීගෙ අතෙන් අල්ලලා නතර කලා.එයාලා මොන මොනවදෝ කතා කලා.ඒත් මට ඇහුනේ නෑ මන් ටිකක් දුරින් හිටපු නිසා.ඒත් මන් දැක්කා එයාලගේ මූනු වල තිබ්බේ හෙන serious පෙනුමක්. අමිගේ හැසිරීමත් එකපාරටම වෙනස් වුනා.

Another Dream🥀Where stories live. Discover now