Chapter 4 ~

111 17 14
                                    


🐵 " හරි හරි දැන් කියනවා මොනාද කරන්න ඉන්නේ කියලා....මෝඩ වැඩක් නම් මගෙන් අවසර ලැබෙන්නෑ කියන එක විතරක් දැන ගන්නවා.😒"

ඔවෙනුයි රියයි අමී දිහා බලන් හිටියේ හරිම සීරියස් වගේම කුතුහලයෙන් පිරුණු ඇස් වලින්..ඔවෙන් නලලත් රැලි කරගෙනම අත් දෙකත් පපුව හරහට බැඳගෙන අමීට එහෙම කිව්වේ අමී කරන මෝඩ වැඩ ගැන ඔවෙනුයි රියයි දෙන්නා හොඳටම දන්න නිසා මේ පාර නම් කිසිම බුරුලක් නොදෙන්න යටි හිතින් හිතාගෙනමයි.

උඟුරත් පාදන ගාමන් අමී කතාව පටන් ගත්තා.

🥀 " හ්ම්ම්, හ්ම්ම්...මේ අහන්නකෝ..ඔයාලා දන්නව නේද SLK Fashion Academy එක ගැන. මන් ඒකට  apply කරලා ඒකේ exam එක ලියන්න තීරණය කලා."

( SLK Fashion Academy එකෙන් කරන්නේ වාර්ෂිකව පවත්වන practical exam එකකින් හොඳම Fashion designers 5 දෙනෙක් තෝරන එක.ඒ විදියට INK Fashion Academy, ENK Fashion Academy කියලා ඒ ඒ රටවල් කොරියාවත් එක්ක එකතු වෙලා Fashion Academy branches හැම රටකම වගේ හදලා තියෙනවා.ඒ හැම එකකින්ම වාර්ෂිකව පැවැත්වෙන exam එකකින් හොඳම fashion designers ලා 5 ගානේ තොරලා ඊළඟ වටේදි රටවල් , රටවල් අතර තියෙන ලොකු competition එකකික් තේරෙන හොඳම 10 දෙනාව තමයි කොරියා යවන්නේ. )

🌸 " මොකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌸 " මොකක්...! අනේ අමී...... මේ අහන්න.මන් ඔයාව අධෛර්යමත් කරන්න කියනවා නෙමේ කෙල්ල...ඔයා දන්නවනේ..SLK Fashion Academy කියන්නේ හරිම ලොකු දෙයක්..එතනට යන්නේ සල්ලි කාරයොන්ගේ ලමයි විතරයි..මොකද ඒකට ලොකු ගානක් වියදම් වෙන නිසා..අපි දෙන්නගේම බැංකු පොත් වල තියෙන සල්ලි එකතු කලත් අපිට ඒකට යන ගානෙන් අඩුම තරමේ 20% ක් වත් හොයාගන්න බෑ."

රියාගේ මූනේ තිබ්බේ කලකිරීමක් වගේම දුකක්.😥

🐵 " ඒකට එච්චරම ගානක් යනවද?
මට මාස 3 , 4 ක් දෙන්න පුලුවන් නම් , මන් මොන ගේමක් හරි ගහලා සල්ලි හොයලා දෙන්නම්.."

Another Dream🥀Where stories live. Discover now