වෙනිදේසියට පැය කිහිපයකට පෙර...At BTS dorm 🏬 ,
"ජිමිනා....ජිමිනා...Jae - Sung හ්යුන්ව දැක්කද? 😬"
රැම්යොන් එකක රස බල බල හිටපු ජිමින් දිහාවට කලබලෙන් කෑ ගහගෙන දුවන් ආවේ ටේහ්යුන්...
දුම් දදා තිබුනු රැම්යොන් කටක් හිමීට කටට දාගන්න ගියත් ටේ ගේ සද්දෙට ගැස්සුන පාරට මුලු කටම එක පාරට කටට හැලුනා..🐥" අාව්ව්ව්ව්.....පිච්චුනා..😣 මොකද ඕයි බෙරිහන් දෙන්නේ...අපේ කන් ඇහෙන්නෑ කියලා හිතුවද??😒 මන් දැක්ක හ්යුන් කෙනෙක් නෑ...😑"
ටේ ගේ කලබලකාරී හැසිරීම ගනනකටවත් නොගෙන ටේ දිහා නොබලම ජිමින් කිව්වේ ඒ වෙලේ රැම්යොන් එකේ සිහියෙන් හිටපු නිසා..
🐯" අනේ ජිමිනෝ...කියනවකෝ හලෝ..ඉක්මනට හ්යුන්ව හොයාගන්න ඕන..අද දවස ඔහෙට අමතක උනාද..?🙄"
ටේ ජිමින්ගේ රැම්යොන් එකෙන් කටක් බලෙන්ම අරන් කටේ ඔබා ගත්තා.
🐥" ඇයි මොකද ? ලෝක විනාසේ වෙන්නද යන්නේ..?🙄"
ඒත් එක්කම එතනට ආපු Jae - Sung හ්යුන් ටේව දැක්ක ගමන් විදුලි වේගෙන් ආපස්සට හැරිලා යන්න හැදුවේ ටේව මඟ අරින්න ඕන නිසාමයි..
YOU ARE READING
Another Dream🥀
Fiksi PenggemarThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...