Chapter 28 ~

78 9 16
                                    

⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.

Ami' s Pov :

ටේගේ පපුවට තුරුලු වෙලා මට ඇති තරම් ඇඬුවා. ඒ වගේ උණුසුමක් මට වෙන කාගෙන්වත් දැනිලා නෑ....

.....................

මේ පුංචි කාලෙට මේ පවුල එක්ක මන් හදවතින් ගොඩක් බැඳිලා. කුකී මට මගේම සහෝරයෙක් වගේ වුනත් සමහර වෙලාවට මට දැනුනේ හරියට මගේම දරුවෙක් වගේ. ඒ නිසාම වෙන්න ඇති එයා අසනීප වුනාම ඒක මට ගොඩක් දැනුනේ.

මන් ආයේ එහෙම දෙයක් වෙන්න දෙන්නේ නෑ මගේ පැටියෝ. නූනාට මේ පාර විතරක් සමාව දෙන්න..

සමහර වෙලාවට මට පුදුමයි. මේ තරම් පොඩි කාලෙකින් මේ වගේ ආදරයක්, බැඳීමක් ඇති වෙන්න පුලුවන්ද? සමහර විට ඒ මන් නිසා විශේෂ ඇති. මොකද පොඩිකාලේම නැති වුනු ආදරේ සෙනෙහස තාමත් හොයන කෙනෙක් මන්....

........................

ටිකකට කලින් වැහි වලාකුලු වලින් බර වෙලා වහින්න ඔන්න මෙන්න වගේ තිබ්බ අහස දැන් හොඳටම පැහැදිලි වෙලා....
හැමදේම හොඳින් විසඳුනා නේද කියන හැඟීමත් එක්කම ලොකු සැනසුම් සුසුමක් හෙලපු මගේ ඇස් නතර වුනේ මට එහාපැතතේ බැල්කනියේ බැම්මට අත් දෙක තියන් අහස දිහාම බලන් ඉන්න ටේ ලඟ.
මෙච්චර වෙලාවක් ඒ උණුහුමේ අඬ අඬ හිටියා නේද කියලා මතක වෙද්දි මට දැනුනා මගේ කම්මුල් රත් වීගෙන යනවා.

ලස්සන පුංචි හිනාවක් ඒ මූනේ ඇඳිලා. මෙච්චර දවසක් මාත් එක්ක තරහ වෙලා නේද හිටියේ..!! මන් බොරුද කියන්නේ ඔයත් හරියට අහස වගේ කියලා...හනෙල්...මගේ හනෙල්...

ටේහ්යුන් දිහා බලාගෙනම මන් හිමීට මිමිනුවේ එයාට ඇහෙන්නැති වෙන්න.
ඒත් එයා කියපු දේට මාව ටිකක් ගැස්සිලා ගියා.

🐯 " ඔයත් එයා වගේ"

ටේ කිව්වේ අහස දිහා බලාගෙන ම

"හ්ම්ම්!!??"

තේරුනේ නැති නිසා කුතුහලෙන් මන් එයා දිහා බලන් ඉද්දි එකපාරටම ටේ මගේ දකුනු අතින් අල්ලගෙන අත අහසට දිගු කලා.

🐯 " අර byeol ( star) වගේ"

එයා යාන්තමට හිනා වුනේ අහසේ වලාකුලු අතර හැංගිලා තිබ්බ පුංචි, ඒ වුනත් අනිත් තරු වලට වඩා ටිකක් දීප්තිමත් තරුවක් පෙන්වලා.

Another Dream🥀Where stories live. Discover now