Chapter 17 ~

99 12 34
                                    

.
⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.

අමී සාලේ මැදට වෙන්න දාලා තිබ්බ ලොකු මේසේ පතරංග සයිස් කොලයක් දිග ඇරගෙන බරටම අලුත් design එකක් අඳිනවා. JK නම් කෙල්ල ගාවින් හෙලවෙන්නෑ. අනිත් 6 දෙනත් සාලේ මැද්දේ එක එක වැඩ. අමී එන්න කලින් හැමෝම වගේ ගොඩක් වෙලාවට කාලේ ගත කලේ තම තමන්ගේ rooms ඇතුලට වෙලා.

ඒත් දැන් ඒ හැමදේම ටික ටික වෙනස් වෙලා. කාර්්‍යබහුල ජීවිත වලින් මදක් ඈත් වුනු ගමන් එයාලා එයාලාගේ සතුට වෙනුවෙන් කාලය වෙන් කරන්න පටන් අරන්. ඒකට එක හේතුවක් වුනේ අමී..අමීව දැන් එයාලට එයාලගෙම සහෝදරියක් වෙලා..ආදරණීය , හුරුබුහුටි, දඟකාර සහෝදරියක් කොල්ලො 7 දෙනෙක් එක්ක එක ගෙදරක. ඔව් ඔව්....සමහර වෙලාවට ඒක යුද්ධ පිට්ටනියක්.😅

ලොකු සෙට් එකට දැන් පොඩි 3 දෙනා වෙනුවට තව පොඩි එකෙක් බලාගන්න වෙලා..කොල්ලෙක් නම් මදැයි...ඒත් කෙල්ලෙක්...ඒක ටිකක් අමාරුයි තමයි...ඒත් අමී සහෝදරියක් වගේම සමහර වෙලාවට ආදරණීය ඔම්මා කෙනෙක් වගේ..අහ් සමහර වෙලාවට පණ්ඩිත හල්මොනි (grandma) කෙනෙක්..😅

ටේයි, Yoongi දෙන්නා නම් තේරුම්ගන්න බැරි හැඟිම් ගොඩක් එක්ක අතරමන් වෙලා...නොදැනුවත්වම එයාලා ඒ නන්නාඳුනන හැඟීමට ආදරේ කරන්න පටන් අරන්.

කෙල්ල බරටම වැඩේට අවධානේ යොමු කර කර ඉද්දි JK අමීගේ අවධානේ ගන්න නොකල දෙයක් නෑ...😅 අන්තිමට කැලේ අතරමන් වුනු හා පැටියෙක් වගේ මූන හදාගෙන අමීගේ මූනට එබෙන්න පටන් ගත්තා...කොල්ලා දන්නවා අමී ඕවට ඉක්මනටම අහු වෙනවා කියලා..කෙල්ලගේ weak points දැන් ටික ටික අල්ලන් ඉන්නේ එයා...😅

🥀 " මොකද කුකියෝ...??"

බැරිම තැන කෙල්ල කතා කලා.

🐰  " Noona....ඕක ඉවර කරන්න තව වෙලා යනවද??" 🙁

මූන බෙරි කරන් අහපු විදියට කෙල්ලට හිනත් ගියා.

🥀 " හ්ම්ම්...ඔව් ටික වෙලාවක් යයි වගේ..."

🐰 " හයියෝ....😩 මදැයි මන් මේ මෙච්චර වෙලා මෙතන ඉදම් බලන් ඉන්නේ noona එක්ක video game එකක් ගහන්න යන්න...😕"

Another Dream🥀Where stories live. Discover now