Chapter 27 ~

66 11 43
                                    

⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.

Ami' s Pov :

තත්පර ගානක් මන් ඔහේ, රතු වෙලා තරහෙන් පුපුරන ටේහ්යුන්ගේ ඇස් අතර අතරමන් වුනා.

" ටේ..හ්..යුන්..."

ගොත ගැහුන වචන ටික කියලා ඉවරයක් කරන්නවත් නොදි ටේහ්යුන් මාව පැත්තකට තල්ලු කරලා කාමරේට ගිහින් සද්දෙට දොර වැහුවේ මගේ ඇස් වල කඳුලු පිරෙද්දි.

ටේහ්යුන් ඇයි ඒ තරම් තරහෙන්!!? එයා කතා කලාම මන් එන්න පරක්කු වුන නිසාද? මට ඒක ටිකක් අමතක වුන නිසාද? නැත්තම්...නැත්තම් එයා හිතුවද මන් එයාගේ හ්යුන්ට ඕන නැති විදියට ලන් වෙන්න හදනවා
කියලවත්..

දෙවියනේ එහෙම නෑ..මන් හිනෙකින්වත් එහෙම දෙයක් හිතලා නෑ ටේහ්යුන්, සමහර විට ඔයා බයවෙන්න ඇති මන් වගේ කෙල්ලෙක් ඔයා ගොඩක් ආදරය කරන හ්යුන්ට ලන් වෙනව දකින එක. මියාන්..ඒත් එහෙම දෙයක් නෑ.මන් කොහොමද ඔයාට ඒක කියන්නේ? මගේ හිතේ එහෙම දෙයක් නෑ කියලා.

හිතට දැනුන වේදනාවට එහෙම්ම මන් ටේගේ room එකේ දොරට අත තියාගත්තේ ඇතුලට ගිහින් හරි පැහැදිලි කරන්න බැරිකමට.

......................................................................

ටේහ්යුන් කලේම මාව මඟ ඇරපු එක. දැන් දවස් දෙකක් වෙනවා. මගේ මූන දිහා බලලා කතා කරන්නෙවත් නෑ.අඩුම තරමේ මට කියන්න තියෙනවායි කිව්ව දේවත් කිව්වේ නැ. මම කැමති නෑ මේ දේට.එයා ලඟ ඉන්න ටික කාලෙන් මට ඕනි නෑ එක දවසක්වත් මේ විදියට නාස්ති කරන්න.

.........................

කුකී දැන් මාසෙක විතර ඉදලා මට කියන්නේ අපේ රටේ විදියට රසට කෑමක් හදලා දෙන්න කියලා.මට රසට උයන්න පුලුවන් කියලා දැනගත්තේ දවසක් ඔවෙන් , රියා දෙන්න කතා කරලා මගේ කෑම නැතුව පාලුයි කියලා කියපු එක අහම්බෙන් මන් ලඟ හිටපු කුකීටත් ඇහුන නිසා. විනාඩියයි ගියේ පොඩි එකා එයාගේ හ්යුන්ලගේ කනෙත් ඒක තියලා ඉවරයි. හරිම හුරතලේ. මන් මිරිකලා මිරිකලම දැන් කම්මුල් දෙකත් රෝස පාට වෙලා වගේ, රියා නැති අඩුව මැකුනේ කුකී නිසා.

Another Dream🥀Where stories live. Discover now