🥀📞" මට අද Jackson oppa හම්බුනා දෙවියනේ..."
🌸📞" අම්මෝ..මොකක්?...ඔය ඇත්තමද කියන්නේ...?😳 අම්මෝ මට පිස්සු වගේ..හොඳ වෙලාවට ඉඳන් ඉන්නේ කකුල් දෙකත් වෙව්ලනව වගේ....අනේ මටත් සූට්කේස් එකේ හරි රිංගලා එන්න තිබ්බේ හලෝ..😩ඉතිම් අනේ කෝමද ඉටි රූපේ වගේද ? කොල්ලා ලස්සනයි ද?..4 ටෝ වල වගේම හැන්ඩ්සම්ද??🙊😱
රියා හුස්ම ගන්නෙත් නැතුන් ප්රශ්න කෝච්චියක් අහන් යනවා..😅
🥀📞" අම්මෝ හුස්ම ගනින් බන්...ලස්සනයි, ලස්සනයි..ඇත්තටම කිව්වොත් 4 ටෝ වලටත් වඩා හැන්ඩ්සම්...🙊"
අමී කිව්වේ රියාව තව ටිකක් අවුස්සන්නමත් එක්කමයි.
🌸📞" අයියෝ අවුස්සන්න එපා හලෝ..😩 අනේ මගේ ඔප්පා..😩🤧එයා කෝමත් චීස් කෑල්ල වගේ හරි හැඩයි නේ.. "
🥀📞 " මොන චීස් ද බන්!!! පැනි මුට්ටියක් නේ..😒 මාර playboy කෙනෙක් නේ.."
🌸📞 " අනේ මේ යනවා යන්න..😒එයා සෙල්ලක්කාරයෙක් වගේ පෙනුනට හිත හරිම හොඳයි..😩 🤧 එයා එයාගේ අම්මට හරි ආදරෙයි , ඒ නිසා කෙල්ලන්ට සලකන්නේ හරියට princess ලට වගේ...😩"
🥀📞 " විකාර ....මට ඇහැකුත් ගැහුවා.😒"
🌸📞" මොකක්..හනේ..මන් ඉන්න තිබ්බේ...😩එහෙනම් ගෙම්බා පොලේ ගැහුවා වගේ එතනම ඩොග් ගාලා බිම ඉදී...😐එයා එහෙම තමා හලෝ..😩ඕනම කෙනෙක්ට ඇස් ගහනවා.විහිලු කරනවා ඒ ෆිට් එකට.., කෝලමක්.."🤧🙈
🥀📞" හැහ්..!! 😐එහෙම කියලා දකින දකින කෙල්ලට ඇස් ගහලා හරි යනවද??😒 "
🌸📞" කවුද දැන් කිව්වේ එයා ඇස් ගහන්නේ කෙල්ලොන්ට විතරයි කියලා..??"😒
🥀📞 " මොකක්??..ඒ කිව්වේ කොල්ලොන්ටත් ඇස් ගහනවද??😳"
🌸📞 " හයියෝ....🤦 කොල්ලොන්ට විතරක් නෙමේ..සීයාගේ, ආච්චිගේ ඉඳලා පුංචි ලමයෙක් දක්වාම එයා ඇස් ගහනවා..එයා හරි friendly අනාාා...කියුටි බෝලේ..🙈 ඕවා ඔච්චර හිතන් දේවල් නෙමේ බන්..,? ඒ ෆිට් එකට"
🥀📞 " හැහ්..😒 අනේ ඔයයි, ඔයාගේ ඔප්පයි , එයාගේ ෆිට් එකයි..පුලුවන් නම් මැණිකේ...ඔය ටික ඔවෙන් ඉන්න වෙලාවක කියන්නකෝ..😌 එතකොට බලාගන්න පුලුවන් ඔවෙන්ගේ ෆිට් එක..😂😂"
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...