වැඩිම මනාප ගානක් හම්බෙලා තිබුන costume එකේ designer වුනේ U.S.A girl කෙනෙක්. දෙවෙනියා වුනේ Hae Rin . ඊලඟට අමී....කොහොම හරි කෙල්ලගේ ජීවිතේ තිබ්බ ලොකුම හීනේ හීනයක්ම විතරක් නොවී ඇත්තක් වෙන ගමන් අමී Hybe එකට තේරුනා...💐........................................................................
ඔය අතරතුර Jackson ගියේ Hae Rin ව හොයාගෙන..කොල්ලගේ මූන නම් එච්චර හොඳ නෑ..🙄තරහෙන් පුපරනවා.🤐
Hae Rin හැදුවේ Jackson ව දැකලා නොදැක්කා වගේ යන්න.ඒත් තමන්ව පහු කරලා යන්න හදපු Hae Rin ව එක අතකින් එක පාරට ඇදලා අරන් එතන බිත්තියට තද කරලා අත් දෙක Hae Rin ගේ ඔලුව දෙපැත්තෙන් යවලා බිත්තියට තියලා තද කරේ කෙල්ලට ලේසියෙන් බේරිලා යන්න බැරි වෙන විදියට.
එහෙම්ම Jackson කෙල්ලගේ මූන ගාවට පහත් වුනේ දෙන්නගේ හුස්ම එකිනෙකාගේ මූන වල ගෑවෙන නොගෑවෙන ගානට....Jackson කෙල්ලගේ ඇස් දිහා බලන් හිටියේ තියුණු බැල්මකින්...ඒ ඇස් වල තිබ්බේ තරහක්. රතු පාට වෙච්ච නහර ඒ තරහෙන් පුපුරන ඇස් ඇතුලේ තවත් හොඳට කැපිලා පෙනුනා..අත් වල නහර ඉලිප්පිලා...Jackson හයියෙන් හයියෙන් හුස්ම ගත්තා..
🐸 " තමුසේ කවදද ඔය සෙල්ලම් නතර කරන්නේ.? "😠
Jackson ඇහුවේ කෙල්ලගේ මූනට තවත් ලන් වෙන ගමන් ඒ ඇස් දිහා කෙලින්ම බලාගෙන. Hae Rin දිහා බැලුවම හොඳට පේනවා Jackson ගේ ක්ෂනික හැසිරීම නිසා එයා ටිකක් බය වෙලා ඉන්නේ කියලා..හයියෙන් හුස්ම ගන්න පාරට Hae Rin ගේ පපුව වේගෙන් වේගෙන් උස් පහත් වුනේ රටාවකට වගේ..
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...