Chapter 22 ~

46 11 4
                                    

⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.


Tae' s pov :

⏰⏰⏰⏰⏰⏰⏰

එලාම එක වැදෙන සද්දෙට මන් ඇහැරුනේ ගැස්සිලා ගිහින්. මොන මල කරුමයක්ද කියලා ඇසුත් බාගෙට ඇරන් එලාම් එකට දඩ බඩ ගාලා ගහන්න පටන් ගත්තේ එක කොට්ටයක් පුලුවන් තරම් කනට තියලා තද කරගන්න ගමන්.

දෙවියනේ ....අමි....😳තත්පර ගානක් යන්නත් කලින් මට මතක් වුනේ අමීව..කෙල්ල එලාම් එකේ සද්දෙට ඇහැරුනාද දන්නැ කිය කිය මන් හිමිට ඉස්සිලා ඇඳ දිහා බැලුවේ හිතින් මටම බැන බැන..ඒත් එයා හිටියේ නෑ. හිටපු විදියටම ඉදගෙන මුලු කාමරේ පුරාම මගේ ඇස් දිව්වේ හරි කලබලෙන් වගේ.
දිගු සුසුමක් හෙලන ගමන්ම මගේ ඇස් ආයෙත් සන්සුන් වුනේ අමි නිදන් හිටපු මගේ ඇඳ ලඟදි. බලාපොරොත්තු නොවුන දෙයක් නිසාදෝ මන්ද මගේ හිත පොඩි දුකකින් පිරිලා තිබ්බා.

එයා යනව නම් මට කියලා යන්න එපැයි.ඒක නෙමේ එයා ,එයා දැන් හොඳින්ද?...දුක පැත්තකින් තියලා ඒ සැනින් මගේ හිතට අවේ ප්‍රශ්නාර්ථයක්..හිතට පොඩි බයකුත් නොදැනුනාම නෙමේ.
දඩිබිඩි ගාලා නැඟිටපු මන් දොර දිහාවට දුවන් ගියේ රොකට් එකක් වගේ.

දොර ඇරපු ගමන් සුපුරුදු පරිදි මන් දැක්කේ අමීගේ room එක...අඩියට දෙකට දොර දිහාවට දුවන්න හැදුවත් ඒකට බාදාවක් වුනේ J hope හ්යුන්..

🐿 " ඕ .....ටේහ්යුනා..නැඟිට්ටද?? ඉක්මනට එන්න , breakfast ගන්න. අද වැඩ ගොඩක් තියෙනවා කරන්න."

හ්යුන්ලා ඇවිත්..එතකොට ඒ නිසාද අමී මගේ room එකෙන් ගියේ..?

" හරි හ්යුන් මන් එන්නම්..අමීවත් අඬගහගෙනම."

🐿" අමී කොහෙද!! එයා කුකුලත් අතින්ම අරන් වැඩට ගියේ. "

මොකක් මේ කෙල්ල..අද වැඩටත් ගියාද? අච්චර අමාරුවෙන් ඉදලත්.!!ඒකත් මෙච්චර කලින්.! පොඩ්ඩක් පරක්කු වෙලා ගියා නම් මැරෙනවද! අනික අද නිවාඩුවක් දාන්න තිබ්බනේ. 😑

බැන බැනම මන් 4 න් එක අතට ගත්තේ එයාට කෝල් එකක් දෙන්න.ඒත් මොනාද අහන්න යන්නේ කියලා නම් මට කිසිම තේරුමක් තිබ්බේ නැ. හොඳ වෙලාවට ආයෙත් ජින් හියුන් ඒකට බාදාවක් වුනා. නැත්තම් ඉතිම් මන් කතා කරා කියලා මොනා කියන්නද!!

Another Dream🥀Where stories live. Discover now