🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂හ්ම්ම්.....අද මන් ඔයාලට චූටි කතාවක් කියන්න යන්නේ...මේක ඇත්තටම අමිගෙයි, රියාගෙයි , ඔවෙන්ගෙයි කතාව...මට ඕන උනේ ඒක ඔයාලට අමීගෙන්ම දැනගන්න ඉඩ සලස්වන්න...ඒත් ඒ කතාව හිතන තරම් සුන්දර එකක් නම් නෙමේ. මුලු ජීවිතෙන්ම අමතක කරලා දාන්න හදන ඒ අඳුරු අතීතය මතක් කරවලා ආයෙත් අමීගෙයි, රියාගෙයි හිත් රිදවන්න මට ඕන උනේ නෑ....ඒ නිසා ඒක ඔයාලට දැනගන්න මන්ම කියන්නම්.......
"Handsome, Beautiful , ඒ වගේම මීටර් 3 ක්, එයාලට මොනාගෙන්ද අඩු.? දෙයියෝ දෙද්දි මදි නොකියන්න දීලා..."
College එකේ හැමෝම එයාලා ගැන කිව්වේ ඔහොම...ඒත් ඒ කවුරුවත් ම නොදන්න, මේ 3 දෙනා විතරක්ම දන්න කතාවකුත් මෙයාලට තිබුණා.😐අමී, එතකොට රියා....
මේ දෙන්නා මලකින් ගිලිහුණු මල් පෙති 2 ක් වගේ. ඇත්තටම කිව්වොත් ඒකත් වැරදියි..හරිම වචනේ තමයි බලෙන්ම, හිතාමතාම මලෙන් ගලවලා දාපු මල් පෙති 2 ක්. මේ දෙන්නම ඉපදුනේ එකම හොස්පිට්ල් එකේ එකම දවසේ.රියාට වඩා පැය 2 කට විතර කලින් තමයි අමී ඉපදුනේ.ඒත් ඉපදුන මොහොතෙම දෙන්නටම ලියවුනේ එකම ඉරණමක්.ඒ අම්මගේ තාත්තගේ සෙනෙහස අහිමි වීම.දුක්ම කාරණය තමයි , එහෙම අයට අපේම මිනිස්සු කතා කරන්නේ අනාථයෝ කියලා.උණහපුලු අම්මට උගේ පැටියා කොච්චර කැත උනත් ඒ අම්මට නම් ඒ පැටියා මැණික් කැටයක්ලු...අම්මලා එහෙමයිනේ...ඒත් අම්මා කියන වචනෙට ගරු කරන්න දන්නැති අයත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒකනේ අඩියෙන් අඩියට ලමා නිවාස බිහිවෙමින් පවතින්නේ.ඒ වගේමයි ඒකෙ අනිත් පැත්තත්...වැඩිහිටි නිවාස...!!!!!සංවර්ධනය වෙමින් පවතින රටවල් වල දැන් ඒක අනිවාර්ය අංගයක් වෙලා...මොනාද සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා ඇත්තටම අන්න එතනදි ප්‍රශ්නයක් ඇති වෙනවා නේද..?💔
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...