⚠.... මෙය හුදෙක්ම රසික ප්රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.
අතීතය......අමී කෑ ගහපු පාරට ටේ හෙල්ලෙන්නෙවත් නැතුව එහෙම්ම හිටියා. ලොකු කෙල ගුලියකුත් ගිලුනේ ඉබේටමයි. අමී අඩියට දෙකට බෑග් එක ලඟට දුවන් ගිහින් , ඒකත් අරන් රොකට් එක වගේ කාමරේට ගිහින් දොර වහගත්තේ ලැජ්ජාවෙන් මූන ස්ට්රෝබෙරි ගෙඩියක් වගේ රතු වෙලා තියෙද්දි.
ටේට වෙච්ච දේ හිතාගන්න බැරුව තාම හිටපු ඉරියව්වෙන්මයි. බැලන්ස් නැතුව වැටෙන්න යද්දි තමයි අනිත් කකුල බිම තියන්න මතක් වුනේ.අත් දෙකෙන්ම ඔලුවේ හිසකෙස් අඳින්න ගත්තේ එයාටම හොඳවයින් බැන ගන්න ගමන්.
🐯 " අයිෂ්..පාබු.පාබු..මොකක්ද පිස්සා ඒ කලේ? දැන් කොහොමද අමීගේ මූන බලන්නෙත්😑..ඒක කෑමක් නෙමේ කිව්වම අහන්න තිබ්බා තමුසෙට.."
ඇඟිල්ලෙ නියපොත්තකුත් හපන ගමන් අමීගේ room එක ඉස්සරහ එහාට්ට මෙහාට්ට ඇවිද්දේ දොරට ගහලා කතා කරනවද නැද්ද කියල හිතාගන්න බැරුව.
....................................................................
Tae ' s Pov :
අන්තිමේදි මන් අමිට කතා කරන්නේ නැතුවම මගේ වැඩේ කරන් එන්න එලියට ගියා. පැය 2 කින් වගේ මට ගෙදරට අායෙත් එන්න පුලුවන් වුනත් මගේ ඔලුව වටේ කැරකුනේම අද උදේ වෙච්ච සිද්දිය.
🐯" අයිෂ්.මොකද කරන්නේ?? අමී පේන්නවත් නෑ. කාමරේ ඇත්තේ.. තරහට ආයේ මාත් එක්ක කතා කරන්නෙවත් නැති වේවිද?😥
එකපාරටම අමීගේ කාමරේ දොර ඇරෙන සද්දෙට මාව ගැස්සිලා ගියා. එයා කෙලින්ම ගියේ kitchen එක පැත්තට.
🐯" මේක තමයි හොඳම අවස්ථාව..යනවා ටේහ්යුන්..යනවා..ගිහින් වැඳලා හරි සොරි කියනවා...🙁"
මන් ටික ටික ලන් වුනේ අමී ගාවට. එයා වීදුරුවකට වතුර එකක් අරන් බොන්න පටන් ගත්තා.මම හිටියේ හරියට හොර ගල් අහුලන පූසෙක් වගේ. ඒත් එකපාරටම...
මන් දැක්කේ අමිගේ අත් දිහා. එයාගේ අත් වෙවුලනවා. වීදුරුව අල්ලන් හිටියෙත් හරි අමාරුවෙන්. වැටෙයි කියලා බයට වගේ අනිත් අතෙන් එතන මෙසේ තද කරලා අල්ලන් හිටියා.ඒ මදිවට කෙල්ලට හොඳටම දාඩිය දාලා.ඇයි මේ? එයාට අසනිපයක්වත්ද? කරන්න ගියපු වැඩේ පැත්තකට දාලා මන් එයාට කතා කලා.
YOU ARE READING
Another Dream🥀
FanficThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...