Chapter 26~

54 10 4
                                    

⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.

Ami' s Pov :

මන් හිතන්නේ මන් ගෙවන්නේ මගේ ජීවිතේ ලස්සනම කාලේ...4 න් එකේ තිරේ මත වැටුන ටේහ්යුන්ගේ රූපයක් දිහා බලන් එයා වෙනුවෙන් හැමදේම හොඳින් සිද්ද වෙන්න කියලා ප්‍රාර්තනා කරපු මන් දැන් එයා ඇස් ඉස්සරහ ඉද්දිම ඒ දේවල් ප්‍රාර්ථනා කරනවා....ආදරේ අඩු වුනේ නෑ දශමයක් වත් මගේ...තවත් වැඩි වෙලා මිසක්. ඒත් පුලුවන් උපරිමෙන් මන් මගේ හැඟීම් හංගගත්තා. හැඟීම් මටත් වඩා ඉස්සර වුනු අවස්ථා මේ ගෙවුන මාස කීපයට එමටයි. ඒත් හිත කොනක එයාව ආයෙත් ජීවිතේට මට දකින්න නොලැබෙයි කියල තිබ්බ බය නිසාම මන් ඒ දේවල් හංගත්තා...මට ඕන නෑ එයා අමාරුවෙන් ගොඬනගා ගත්ත ලස්සන ජීවිතේ මන් නිසා කඩන් වැටෙනවා දකින්න. මන් ටේට හොඳ යාලුවෙක්..ටේ කියන්නේ ඒමයි.හ්ම්ම්...ඔව් අපි දැන් හොඳ යාලුවෝ.ඒ ඇති මට.

දවසක් නෑර දිනපොතක අකුරු කරපු මගේ මතක සටහන් අතර හිර වෙලා හිටපු මන් පියවි සිහියට ආවේ කුකී මට අඬගහනවා ඇහිලා.

" මේ එනවා කුකියෝ...."

...............................................................

අද BTS ලගේ අලුත් song එකකට choreography එක practice කරනවා.මුලදි , මුලදි පුරුද්දක් විදියට මොකක් හරි excuse එකක් හදන් මන් එයාලාගේ practice room එකට ගියේ ටේ practice කරන දිහා බලන් ඉන්න තිබ්බ ආසාවටමයි. දාඩිය දාගෙන උදේ ඉදම් රෑ වෙනකම් සමහර දාට practice. ඇවිදගන්නවත් පනක් නැතුව වැනි වැනි ඇවිත් සෝෆා එකට වැටිලා එහෙම්ම නිදාගන්න ටේව දැක්කම මගේ ඇස් වලට කඳුලු ඉනුවේ ඉබේටමයි. එහෙමදාට මන් සීතල හැදෙයි කියලා බයට එයාට නොදැනෙන්න bedsheet එකක් පොරවලා එනවා. මට කරන්න පුලුවන් වුනේ එච්චරයි.

අලුත් choreography එක බලන්න තිබ්බ ආසාවටත් එක්ක මන් හිමිට වැඩ නැති වෙලාවක් බලලා ගියේ එයාලගේ practice room එකට.

දුරට වෙලා මන් බලන් හිටපු මගේ ඇස් හැම මොහොතෙම නතර වුනේ ටේ ගාව.

අලුත් choreographer කෙනෙක් එයාලට එක එක step කියලා දෙනවා..දන්නෙම නැතුව මගෙත් කකුල් ඒ තාලෙට එහාට්ට මෙහාට්ට වැනුනා..

Another Dream🥀Where stories live. Discover now