.
⚠.... මෙය හුදෙක්ම රසික ප්‍රබන්ධයක් පමණක්ම වන බව කරුණාවෙන් මතක තබා ගන්න..... ⚠
.
.
.
.Flashback :
Tae ' s Pov :
මන් එයාගේ කතාව වෙනස් කරන්න ඕන නිසාම තව තව දේවල් ඇහුවා.😶
🐯 " තව ..තව මොනාටද ආස..??🙄
ඇත්තටම කිව්වොත් මගේ යටි හිතේ එයා ආස දේවල් දැනගන්න පොඩි වුවමනාවකුත් තිබ්බා.
ම්ම්ම්ම්.....ගාලා මතක් කරන ගමන් අමී බංකුවේ තව ටිකක් පිටිපස්සට ගිහින් හරි බරි ගැහිලා වාඩි වුනා.
🥀 " ගොඩාක් තියෙනවා ඔප්පා...මන් ආස දේවල් ගොඩක්...
First snow day එක.
Cherry blossoms.
Han river එකේ රාත්‍රියක්.
Sky Lanterns.
Ice skating.
Starry night.
Fireworks.
Namsan Tower.
.
.
.
.
.Another Dream....එයා ලිස්ට් එකක්ම එක දිගට කියන් ගියා..ඒත් අන්තිමට කියපු එක...ඒක ඇත්තටම මට තේරුනේ නෑ.Another Dream...??🙄
🐯 " අමී.... Another Dream...?? ඒ මොකක්ද..?🙄
මන් ඇහුවේ කුතුහලෙන්.
🥀 " ම්ම්ම්ම්...It's a secret....☺"
එයා මන් දිහාවට හැරිලා හිනාවෙලා කිව්වේ ඔච්චරයි...මගේ හිතේ තිබ්බ කුතුහලේ තවත් වැඩි වුනා...Secret එකක් වෙන්න තරම්...ඒ මොකක්ද..??🙄
🥀 " මේ දේවල් මන් කැමති දේවල්ම විතරක් නෙමේ ටේහ්යුන්. ඇත්තටම ඒවා හීන..ඒවා දැන් මගේ හීන වෙලා ඔප්පා..මන් හැබෑ කරගන්න හදන හීන.."
අමී කියන්නේ හීන ගොඩක් එක්ක ජීවත් වෙන පුංචි ගෑනු ලමයෙක් කියලා මට තේරුනේ ඒ වෙලේ.. අපි ආස කරන පුංචි දේවල් එයා දැක්කේ හීන විදියට..මොකද පොඩි කාලේ ඉදම්ම එයා ආස කරන දේවල් එයා දැකලා තිබ්බේ සැබෑ වේවිද ,නොවේවිද කියලා හිතාගන්න බැරි හීන විදියට. මට පුලුවන් නම් ඒ හැම හිනයක්ම ඔයා වෙනුවෙන් හැබෑ කරලා දෙන්න.......
........................................................................
Yoongi ' s Pov :
අමී කෑම කකා ඉද්දි නැඟිටලා ගියේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා කියලා මට හොඳට තේරුනා.මන් නැඟිටින්න යද්දිම ටේහ්යුන් නැඟිටලා ගියපු නිසා මන් අකමැත්තෙන් වුනත් ආයෙත් ඉඳගත්තා.කෑම මේසෙන් හැමෝම නැඟිටලා යන්න හොඳ නෑනේ වැඩිහිටියෝ ඉද්දි..ඒත් මගේ සිහිය තිබ්බේ නම් කෑම එකේ නෙමේ..අමී ලඟ.
YOU ARE READING
Another Dream🥀
FanfictionThere was a boy. He used to count the STARS in the OCEAN.... And there was a girl. She used to count the STARS in the SKY.... 🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃 මලකින් ගිලිහුණු මල් පෙත්තක්..... මල් යායක පිපුණු මලක්..... ඉරණම් දෙකක්. කවදා, කොතනක , කෙසේ...