කඳුලු මතක

1.6K 318 42
                                    

           මම පපා ලඟ ගොඩක් වෙලා ඇඩුවා...ඒත් පපා ෂුවාන් ගැන එක වචනයක් ඇහුවේ නෑ...මට පුදුමයි..මම මෙච්චර දේවල් කියලත් එයා ඒ ගැන කතා කරේම නෑ....

මම මෙච්චර දේවල් කියලත් එයා ඒ ගැන කතා කරේම නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    " පපා....ඇයි පපා ඔයා ඒ ගැන අහන් නැත්තේ......පපාට මගේ ආදරේ ගැන දැනගන්න ඕනි නැද්ද...අඩුම තරමේ ඒ කෙල්ලෙක්ච කොල්ලෙක්ද කියලවත් දැනගන්න ඕනි නැද්ද ඔයාට.......ඔව් එයා බෝයි කෙනෙක් .මම ආදරේ කරන්නේ කොල්ලෙක්ට ....අනේ පපා මම වැදලා කියන්නම්...අක්කව වගේ මාව නම් බිස්නස් එකක් විදිහට බලන්න එපා..පපාට දැන් ඉන්න එකම දරුවා නේද මං...පපා මම පපා කියන වෙන ඕනිම දෙයක් කරන්නම්..ඒත් මේ දේ විතරක් කරන්න කියන්න එපා...මට ෂුවාන් නැතුව ඉන්න බෑ..මට එයා ඕනි...."
                                         
              "ඔව් පපා....ඒ ෂුවාන්.ෂෝ ෂුවාන් දන්නවද පපා එයා ලුසීගේ අයියා කෙනෙක් වෙනවා. ...පපාට මතකයි නේද..එදා වෙඩින් එකටත් ඇවිත් හිටියා..පපාට මතකද මම මේ ගෙදරටත් දෙපාරක් විතර එක්කං ආවා ලුසී එක්ක.....".

                   මම එච්චර දේවල් කියලත් පපා මං දිහා බැලුවේ වත් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                   මම එච්චර දේවල් කියලත් පපා මං දිහා බැලුවේ වත් නෑ..එයා ගත්ත තීරණයක් ලේසියෙන් වෙනස් කරන කෙනෙක් නෙවෙයි කියලා දැනගෙන හිටියත් මට ෂුවාන්ගෙන් තොර ජිවිතයක් ගැන හිතන්නවත් බැරිවුණා...පපා මම බිම ඉද්දිම නැගිට්ටා....
          
                 "මගේ තීරනේ වෙනසක් නෑ පුතා....ඔයා මැරි කරන්නම ඕනා මම කියන කෙනා විතරයි...."
                 
                  "අනේ පපා මගේ සතුට ගැන පලවෙනි පාරට හිතන්න පපා....මම මෙච්චර කල් මුකුත් ඉල්ලලා නෑ ඔයාගෙන්..."
                      
                 " මමත් ඔයාට මෙච්චර කාලෙකට කිසිම විදිහක බලපෑම් කරලා නෑනේ යීබෝ..."
               
                 " ඒත් පපා මට මැරි කරන්න හිත හදාගන්න බෑ..මම කෙනෙක්ට ආදරේ කරා...මම කොහොමද නොදන්න කෙනෙක් එක්ක මගේ මුළු ජිවිතේම ගෙවන්නේ..."
                      
                 " ඔයා ඒකට හුරු වෙයි....මට ඒක විශ්වාසයි."....පපා කිව්වේ ස්ථිර හඩින්..
                  
                  " ඒත් පපා...කොහොමද එහෙම කියන්නේ....මට වෙනස් වෙන්න බැරිවුනොත්....මම ආදරේ කරේ බෝයි කෙනෙක්ට....මම මැරි කරන්න හිත හදාගත්තත් මට එකට ජිවත් වෙන්න නම් බැරිවෙයි එතකොට කෝ පපා ඒ ජිවිතේ සැනසීමක්.."
                       
                 "මමත් මුලදි හිතුවේ ⁣ඒක තමයි...ඔයා කොහොමද ඒ මැරි කරන කෙනා එක්ක ජිවත් වෙන්නේ කියලා..ඒත් දැන් මට සැනසීමයි...ඔයා මට තිබ්බ එකම ප්‍රශ්නෙත් අද විසඳුවා...."
                        
                  "මම...පපා මොනාද කියන්නේ... "
           
                "ඔයා ආදරේ කරේ බෝයි කෙනෙක්ට ඒ නිසා මැ⁣රේජ් එකට ප්‍රශ්නයක් වෙයි කියලා ඔයා හිතනවා නම් ඒ ගැන තවත් හිතන්න එපා.. මොකද ඔයා මැරි කරන්නෙත් බෝයි කෙනෙක්ම තමයි..." ⁣
                " මොකක්....දෙයියනේ පපා..........."
                                මම කෑගැහුවත්..එහෙම කියලා පපා රූම් එකෙන්  එලියට ගියේ  මාව එතනම දාලා..
                          අකුණු ගගහා වහින වැස්ස නැවතිලා තිබ්බා... ඒත් පපා අන්තිමට කිව්ව වචන ටික එකතු වෙලා මගේ ඔලුවේ ඉදන් පපුවට යනකංම එක දිගට අකුණු ගහන්න ගත්තා....මම ඒ සීතල පොලවේ ගුලිවුනා...මගේ ඔලුව හිරිවැටිලා තිබුනේ ඒ පොලවෙන් ආව සීතලටමත් නෙවෙයි...පපාගේ වචන වලට..ඇත්තටම දැන් නම් හොඳටම විශ්වාසයි මාව මැරි කරවන්නේ බිස්නස් ඩීල් එකක් නිසාම තමයි කියලා....නැත්නම් පපා එහෙම දෙයක් කරයිද...එයාගෙම පුතාට....

I told starlight about you 💚❤️(Zhanyi)❤️💚  ( Completed )Where stories live. Discover now