යීබෝ කෙලින්ම ගියේ ඒ දෙන්නගේ රූම් එකට... ගිහිං එයාගේ තිබ්බ ඇදුම් ටිකයි බ්ලැන්කට් එකයි කොට්ටෙයි අරගෙන ගියේ උඩ තට්ටුවේ තිබ්බ තවත් රූම් එකට....ඒක තිබ්බේ බැල්කනි එක ලග...යීබෝ ඒ රූම් එක එයාට ඕනි විදිහට හදාගත්තා....හිත දුකින් පිරිලා උනත් යීබෝට ආවේ පුදුම බඩගින්නක් ඒත් කන්න තරම් පිරියක් තිබ්බේ නෑ....ඒ නිසාම යීබෝ එහෙමම ඇඳට වැටුනා...................
ශාන් කිසිම දෙයක් හිතා ගන්න බැරුව තවමත් හිටියේ living room එකේ sofa එකට වෙලා...අන්තිමට එයා අද වෙච්ච දේ එකින් එක ගලපලා වුනේ මොනාද කියලා හරියටම තේරුම් ගත්තා....."හ්ම්ම්ම්ම්....... මට හිතා ගන්න බෑ...එයා ආදරෙයි කිව්වා... මං අඩන්නද හිනාවෙන්නද.....මට ගොඩක් සතුටුයි ඒත් වෙච්ච දේවල් එක්ක මං කොහොමද සතුටු වෙන්නේ...ෂිට් මං මහ මෝඩයෙක්...( හූම් ඇට්ට මෝඩ හාවෙක්)... එයා ආදරේ කරන්න ගොඩක් කල් ගනි කියලයි හිතුවේ..ඒත් එයා මට ආදරේ කරලා නොකිවට........මං ආයෙත් එයාව දුරස් කරගත්තා....ෂිට්......දැන් ඉතිං මොනවා හරි කරලා යාළු කරගන්න එපැයි...."
ශාන් සෝෆා එකට ඔලුව බර කරගෙන කල්පනා කරේ යීබෝව ශේප් කරගන්න විදිහක් ගැන...ඒ ගැන හිත හිතම ශාන් ඉහල මාලයට නැග්ගා...ශාන් කෙලින්ම ගියේ රූම් එකට යද්දී යීබෝ රූම් එකේ හිටියේ නෑ ශාන් ගට රූම් එකේ අමුතු පාලු ගතියක් දැනුනා එතකොට තමයි එයා දැක්කේ යීබෝගේ කිසිම දෙයක් රූම් එක ඇතුලේ නෑ කියලා..
dressing teble එක උඩ පවා තිබ්බ ඒවා නෑ....ශාන් ඉක්මනට ඉහල මාලයේ තිබ්බ හැම කාමරයක්ම සෝදිසි කරා අන්තිමට යීබෝ බැල්කනි එක ලග තියන කාමරයේ එයාගේ බඩු ටික අහුරලා තියනවා ශාන් දැක්කා..රූම් එක ඇතුලට ආවට පස්සේ තමයි යීබෝ ඒ ඇදේ නිදි කියලා ශාන් දැක්කේ.....
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...