ආයේ අමුතුවෙන් දවස් දෙකට වෙන්න දෙයක් නැහැ....මම කොහොමද දවස් දෙකකින් හිතක් හදාගන්නේ....මට ඒක කරන්න බෑ....ඒත් මම අඬනවා ඇරෙන්න මුකුත් කරන්නවත් කියන්නවත් ගියේ නෑ...මගේ ඔළුව පුපුරු ගහනවා.....ඒ තරම් රිදෙනවා.....ඒත් කදුලු නවතින් නැතුවම වැටෙනවා...................
එයා වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා මගේ ඔළුව ආයේ අතගෑවා...."අඬන්නේ නැතුව දැන් නිදාගන්න බෝදි......ආහ්.....නිදාගන්න කලින් මේ බෙහෙත් ටික බොන්න...ඔන්න මම මෙතනින් තිබ්බා...."
එයා එහෙම කියලා බෙඩ් එකේ තිබ්බ බ්ලැන්කට් එකකුයි පිලෝ එකයි අරගෙන එතනින් ගියා...මට ඇහුනා එයා සෝෆාඑක උඩ වාඩිවෙන සද්දේ ..හ්ම් එයා එතන නිදාගන්න හදන්නේ.......මගේ ඇඬිල්ලත් මටත් නොදැනිම නතරවුණා ඒත් මගේ ඔළුව රිදෙන එක නතර වුනේ නෑ...ඇඟටත් ටිකක් පණ මදි වගේ..ඒත් මම කීයටවත් ඒ තිබ්බයි කිව්ව බෙහෙත් එක දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නෑ.....මම එහෙම කොට්ටෙට ඔළුව තද කරගත්තා..........🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කීයට කොහොම නින්ද ගියාද මම දන්නේ නෑ මම ඇහැරෙද්දිත් ඔළුව රිදිල්ල ඒ විදිහමයි..ලා...හිරු එලියක් තිරරෙදි අස්සෙන් කාමර පුරාම පැතිරිලා තිබුණා ..මම හෙමිට ඔළුව උස්සලා සෝෆා එක දිහා බැලුවා එයා එතන නෑ...බ්ලැන්කට් එකත් හතරට පහට නවලා සෝෆා එක මුල්ලේ තිබුණා....මම ඇඳෙන් හෙමිට බැස්සා...මාව විසිවෙනවා වගේ....ඒත් මම අමාරුවෙන් තිරරෙදි දාලා වහලා තිබුණු වීදුරු ජනේලේ ලගට ගියා....
මෙතනට වටපිටාව ලස්සනට පේනවා....ගොඩාරියක් ලස්සනයි..ඒත් මට ගොඩක් වෙලා ඒ දිහා බලන් ඉන්න බැරිවුණා..ඇස් දෙක ලාවට බොඳවෙන්න ගත්තා...මම එහෙමම වීදුරු ජනේලයකට මගේ ඔලුව හේත්තු කරගත්තා....
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...