"අයියේ....මමත් ඉක්මන් උනා...මට සමාවෙන්න....."
මේ වෙද්දි ඩැරනුයි යීබෝයි හිටියේ ශාන්ව හොයාගෙන යන ගමන් ඩැරන් පාකින එකට යද්දී ශාන්ගේ කාර් එක ලග ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා දැක්කා....එයාට වාහනේ ගන්න කියලා යීබෝයි ඩැරනුයි පිටිපස්සට නැග්ගා.....ඒ යන අතර මගත් යීබෝ හිටියේ අඩාගත්ත ගමන්..ඒ යනගමන් තමයි යීබෝ ඩැරන්ට එහෙම කිව්වේ .
"ඇත්තටම මං තමයි බං වැරදි...ශිට් මට මාර අවුල්....ඒත් උබ මාව දන්නේ නෑ කිව්වාම මටත් අවුල් ගියා..මම හිතුවේ ඔයා මාව 4tos වලින් හරි දැකලා තියනවා කියලා....ඔයා මට කියද්දි මම දන්නේ ඔයා මෙතන වැරදි නෑ කියලා...ඇත්තටම ශාන් මාව හොඳටම අමතක කරලා...මට හිතා ගන්න පුළුවන් ඌ ඔයාට කොච්චර ආදරේද කියලා බං.."
"මම එක පාරක් ආදරේ කරන්න ගිහින් ගොඩක් රැවටුනා අයියේ.....පපා තමයි මාව බේරගෙන එයාගේ කරගත්තේ...එයාට මං හරි ලෝබයි අයියේ....පපාට මං ගොඩක් ආදරෙයි..."
"මට හිතාගන්න පුළුවන් කොල්ලෝ..... උබලා දෙන්නා පතාගෙන ආපු උන්...ඒකයි මේ...මමත් කරේ වරදක් ...ඇත්තටම මම ආවේ කම්පැනි එක නිසා ඒත් මට ඕනි උනේ මාව අමතක කරාට ඔයාගේ පපාව සප්‍රයිස් කරන්න...ඒකයි මං එයාව අවුස්සලා අවුස්සලා අන්තිමට මං නවතින්න ආපු රූම් එකටම ගෙන්න ගත්තේ....ඔයාට මං කිව්වනේ කොල්ලෝ අපි ඇමරිකා වල හිටියේ කොහොමද කියලා..ඇත්තටම මං හිතුවේ නෑ මෙච්චර දෙයක් වෙයි කියලා...මං නිසා ලස්සන කුරුලු ජෝඩුවක් තරහා උනා..."
"එහෙම නෑ අයියේ...මම වැඩිපුරම අප්සට් ගියේ දැන් ටික දවසකට කලින් ලොකු ප්‍රශ්නයක් වෙලා අපි ටිකක් දුරස් වෙලා හිටියා...ප්‍රශ්නේ විසදුනාමත් පපා මං එක්ක කලින් වගේ හිටියේ නෑ ඒකයි මමත් මෙච්චර නැටුවේ..."
"රැබිටා පව් බං කොල්ලා ගොඩක් සතුටින් උබ ගැන කතා කරේ.....උගේ මුලු ජිවිතේම උබයි බං...ඌ උබ නිසා විදපු දුක මට කිව්වා....අහපං මල්ලි ශාන් කියන්නේ හැමදේම වගේ හිතේ හිර කරගෙන ඉන්න කෙනෙක් ....ඌ උගේ දුකවත් සතුටවත් කාටවත් කියන්න යන්නේ නෑ..හැමදේම හිනා වෙලා බාරගන්න කෙනෙක් ශාන් කියන්නේ ඒත් උබේ ප්‍රශ්නෙදි ඌ හැසිරිලා තිබුනේ පිස්සෙක් වගේ..පුළුවන් නම් ඒ නිහඩ චරිතේ තේරුම් ගනින් කොල්ලෝ මම අමුතුවෙන් කියන්න ඕනි නෑ ඌ උබේ හස්බන් ..මට වැඩිය හොඳට ශාන් ගැන උබ දන්නවා බං.... "
YOU ARE READING
I told starlight about you 💚❤️(Zhanyi)❤️💚 ( Completed )
Fanfictionඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරය...