ක්‍රාබ් ගමන/ එයා ලස්සනයි

1.6K 310 107
                                    

එදා රෑ මම වෙනස් නැතුවම ඉන්න උත්සහ කරේ පපා අදුරන businessman ලා ගොඩක් පාටි එකට ඇවිත් හිටපු නිසා පපා කිව්වා කිසිම ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියලා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

එදා රෑ මම වෙනස් නැතුවම ඉන්න උත්සහ කරේ පපා අදුරන businessman ලා ගොඩක් පාටි එකට ඇවිත් හිටපු නිසා පපා කිව්වා කිසිම ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියලා...මම වෙනසක් නොපෙන්නුවා වගේම එයා දිහා නොබල ඉන්නත් ලොකු උත්සහයක් ගත්තා.ඔයාලා දන්නවද තමන්ට ලඟින් ඉන්න කෙනෙක්ගේ මූණ දිහා නොබලා ඉන්න එක කොච්චර අමාරුද කියලා ..සැරින් සැරේ ලං වෙන සැරින් සැරේ අතින් අල්ලන කෙනෙක් දිහා මට නොබලා ඉන්න ගොඩක් අමාරු උනා...
                                              කාලය ඉක්මනට ගෙවිලා ගියා...බැංකොක් ඉදලා ක්‍රාබ් වලට යන්න සාමාන්‍යයෙන් පැය 8ක් යනවලු..ඒත් අපි කාර් එකේ යන නිසා එච්චර වෙලාවක් යන්නේ නැතිවෙයි කියලා පපා කාටදෝ කියනවා මම අහන් හිටියා....මට පාන්දර 1.15ට විතර හැමෝගෙන්ම සමු ගන්න උනේ දැන් අපි යන්න ඕනි කියලා විලන් මගේ කණට කරලා කියපු නිසා...පපා මාව බදාගත්තා එයාගේ ඇස්වල කඳුලු...ඒත් මම එයා ලඟ එක කඳුලක් වැට්ටුවේ නෑ....මම හිටියේ මරන්න ඇඳන් යන හරකෙක් ගානට....අක්කා ඇවිත් මම එයාට තුරුල් කරගත්තා....අනේ අක්කා....ඔයාට මගේ වේදනාව දැනෙනවා නේද.....පපා ලඟ වැටුනේ නැති කඳුලු සේරම අක්කා ලඟ ගලාගෙන ගියා....මට අක්කා ලඟ තවත් අඬන්න ඕනි උනත් අක්කා මාව එයාගේ පපුවෙ ඈත් කරා.....

                      " මගේ මල්ලි පැටියෝ.....අහන්න මැණික....මම කියපුවා මතකයි නේද....ඒවා හොඳට මතක තියාගන්න...ඔයාට කවදා හරි තේරුම් යයි....මැණික...අපි ගොඩාරියක් ආදරෙයි ඔයාට පපා පව් මැණික පපා එක්ක කේන්ති ගන්න එපා...හරිද......"
                               
                            තව ගොඩක් දේවල් එයා කිව්වත් මට ඒ එකක් වත් ඇහුනේ නෑ...මගේ පපුව පිච්චෙනවා විතරයි මට දැනුනේ....අද මම යන්නේ එයාගෙ වෙන්න නේද කියලා මගේ හිත කෑ ගැහුවා...මට දැනුනා එයා මගේ අත හෙමීට අල්ල ගන්නවා...මම ඒ අත ගසලා දාන්නවත් පණක් තිබ්බේ නෑ..එයා හෙමීට මාව කාර් එක ලගට අරන් ගියා ඉස්සරහින් මට වාඩි වෙන්න කිව්වා...මම වාඩි උනා අයේ මම කිසිම කෙනෙක් දිහා ඔලුවවත් උස්සලා බැලුවේ නෑ...එයත් හැමෝගෙන්ම සමු අරගෙන ඇවිත් ඩ්‍රයිවින් ෂි⁣ට් එකෙන් වාඩි උනා..මම එහෙමම ෂීට් එක පිටුපසට ඔලුව තියාගෙන දෑස් පියා ගත්තා....
                  
   

I told starlight about you 💚❤️(Zhanyi)❤️💚  ( Completed )Dove le storie prendono vita. Scoprilo ora