49 -Introduction ඔයාගෙ හදවතින් අහලා මේ කතාව කියවන්න.

1.1K 128 115
                                    

■●■« 49 Pages with 49 Days »■●■
___________________________________________

මේක එක්තරා කතාවක්.

මේ කතාව ඉස්සරහට කියවන් යන්න කලින් , මේ ප්‍රශ්න වලට උත්තර දීලා ඉන්න. ඔයාගෙ හිතෙන් අහලා බලන්න. එක පාරක් දෙපාරක් නෙවෙයි තුන් හතර පාරක් හිතන්න.
ප්‍රශ්නෙ පුංචි වුනත් මං බලාපොරොත්තුවෙන උත්තරේ ලොකු එකක්.

1. මේ ලෝකෙ සුන්දර ද ?
2. ඔයා දකින හැම දේම ඇත්ත කියලා හිතනවද ?
3. රෝස මල හැමදාමත් ලස්සන ද ? සුන්දර ද ?
4. sunset එක බලන්න ආසද ?
5. කනත්තට බයයි ද ?
6. අලු පාට කියන්නෙ ලෝකය වසාගෙන ඉන්න පාට කිව්වොත් ඔයාගෙ අදහස මොකද්ද ?
7. ජීවිතය ගැන තියන මතය මොකද්ද ?
8. සීතල වතුර පිරුණ ගඟකට ,
  සුදු පාට පෙණ පිපෙන දිය ඇල්ලකට,
  එක පිට එක රැළි ගනග මුහුදට ආසද ?
9. ලස්සන , සුන්දර දේවල් වලට ආසද ?
10. වනවිනාශය ගැන මොකද හිතන්නෙ ? ඔයා ඔයාගෙ ජීවිතේ එක දවසක් හරි පැළයක් හිටවලා තියනවද ?

මේ ප්‍රශ්න ටික විකාරයි වගේ ද ? අපිළිවෙලට ඔහේ අහපු ප්‍රශ්න ටිකජ් ද ? කිසිම තේරුනක් නැති ප්‍රශ්න ටිකක් ද ?

එහෙනම් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න.

ඔයාගෙ ජීවිතේ , ඔයාගෙ වටාපිටාවෙ ඉන්න අයගෙ ජීවිත ගළාගෙන යන්නෙ පිළිවෙලකට ද ?
මේ දේ මේ දවසෙ මේ විදියට විය යුතුයි කියලා හිතුවොත් ඒ දේ ඒ විදියට වෙනවද ? මිනිස් ජීවිත පිළිවෙල ද ?

1 + 1 = 2 කියන්න සරළයි.
හැබැයි ,
එකයි එකයි කීයද ඇහුවොත් ?
1+1=2
1,1 = 11
මොකද්ද තෝරගන්නෙ ?

සරළයි කියල හිතෙන හැම දෙයක්ම සරළයි ද ?

පටන් ගත්ත තැන ඉඳලම මේකෙ තිබ්බ හැම දේම ප්‍රශ්න මයි නේද ?

ඉතින් , පුංචි හරි



ප්‍රශ්නයක් නැතිව ගෙවුනු එක දවසක් වත් ඔයාගෙ ජීවිතේ තියනවද ?
________________________________

මේ දේවල් ටිකට ඔයා ඔයාගෙ හිතෙන්ම උත්තර ඇහුවනම්..  දැන් මම මාතෘකාවට එන්නම්.

මේ කතාව , කතාවක් විතරක් නෙවෙයි. මේක death note එකක් වුනත් , මට ඕන මේ කතාවෙන් ඔයාලගෙ ජීවිතයට දෙයක් දෙන්න.
මමත් කැමති , ඔබ බහුතරයකුත් කැමති , "සුන්දර" රටක් කියන දකුණු කොරියාව  එක්ක කතාව යන්නෙ.
හැබැයි මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. කොරියාවෙ තියන අඳුරු පැත්තක් එක්ක යන කතාවක්.

■● « 49 Pages with 49 Days »●■Onde histórias criam vida. Descubra agora