මම ගහක් වගේ , ඒත් මොන ගහක් ද කියලා මමත් දැනගෙන හිටියේ නෑ.
වැරදි තැනක පැළවෙන්න ගියා, ඒ තැන සුළි කුණාටු වැඩියි. මාගෙ හරිත ලව දක්වාම රිදුම් දෙන්න ගත්ත නිසා මම මුල් පිටින් උදුරාගෙන වෙන තැනකට ආවා.ක්ෂේම භූමියක් වගේ විරාජමානව, හරිත වර්ණයෙන් වැජඹෙන මේ බිමට පා තිබ්බේ එහෙම. මට ලස්සන රූස්ස ගහක් වගේ වැවෙන්න පුලුවන් , සන්තෝසෙන් ඉන්න පුලුවන් කියලා මම සතුටු වුණා.
ඒත් ඒ ක්ෂේම භූමිය මහා ඇස් බැන්ඳුමක්. මේ තරම් ප්‍රසිද්ධ , නම් දරාපු, දියුණුයි කියලා හැමෝම කියන ඒ තැන ඇත්තටම තිබුණේ සහරා කාන්තාරයේ ශාඛාව ක්.
මේ කාන්තාරයට වැටුණ මට නැවත ගැලවීමක් ලැබුණේ නෑ. තෝරා ගැනීම් දෙකයි,
1) සුළි කුණාටුව
2) සහරා ශාඛාව
මට සුළි සුලං එක්ක හැප්පෙන්න බෑ. ඒත් මම ඉර එළියට පොඩි කාලේ ඉඳලම පෙම් බැන්දා. ඉතින් මම තෝරගත්තේ සහරා ශාඛාව .මේ සහරා ශාඛාව, එක්තරා රෝහලක්, ඒ රෝහලේ අලුතින් පටන් ගත්ත ඒකකයක consultant හැරුණම එතන වැඩට ගිය පොඩි එකා මම.
ඉතින් මේ සහරාවේ, අව්වට පිච්චි පිච්චි දූවිලි කාගෙන වැඩෙන්න හදන මම "පතොක්".🌵
මේ එහෙන් මෙහෙන් ඇහිඳ ගත්ත පතොක් කතා.
A/n මේක තනිකරම පීඩනය පිට කරන්න ලියන ලියවිල්ලක්. කිසිම කෙනෙක්ගේ පුද්ගලික විස්තර ඇතුලත් කරන්නේ නෑ. ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න මට බෑ, ලොක්කාගේ ඔෆිස් එකට ගිහින් මට බනින්න බෑ. වට් පෑඩ් එක මගේ නවාතැන , ඉතින් මම මේකෙ ලියනවා. මගේ හිතේ වෙහෙස එහෙම හරි අඩු වෙයිද බලමු....
YOU ARE READING
පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]
Non-Fictionසහරාවේ ශාඛාවක පූදින්න පිං සොයන මම, ඇසින් දුටු, ඇස් තෙමූ, හදට දැනුනු, හද බිඳපු පුංචි පුංචි කතා...🌵🌵