19. වයර් පැටළිලි

81 25 49
                                    

මේක පරණ කතාවක්, මගේ පේජ් එකේ දාපු. ඒකත් මේ collection එකට අදාල නිසා ගැලපෙන සංස්කරණ සහිතව මෙසේ පළ කරනවා......

පහුගිය ජූනි මාසේ, ජීවිතේ අමාරුම කාලයක්. මාත් එක්ක වැඩ කරපු පතොක් නගාව ඊට සති කීපෙකට කලින් කොවිඩ් ward attach කලා. ආයිත් තනි පතොක් විදියට වැඩ කරන්න වුණා. ජූනි මුල බබා බලා ගන්න එන servent covid positive වුණා, බබා බලා ගන්නත් කෙනෙක් නැති වුණා.

24 පැයම oncall ඉන්න වෙන unit එකක මේ ප්‍රශ්න ඔක්කොම එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා මම දහ අතේ කල්පනා කලා.

බබාවත් බලාගෙන, dutyත් කරගෙන, servent ට බඩු, බෙහෙත් එහෙමත් ගේ ගාවට ගෙනිහින් දීලා මාසේ කොහොම හරි ඇද ගන්න පුලුවන් වුණා. උතුමාණන් විශාල සහයෝගයක් දුන්නා මේ දවස් ටිකේ නම්.

බැරිම අවස්තා දෙකකදි වගේ බබා අරන් සහරාවට යන්නත් වුණා.

ඔය අතරේ එක දවසක් බට මූට්ටුවක් කරද්දි දරන්න බැරි බඩේ කැක්කුමක් ආවා.

Sirට කියලා descrub කරලා, changing room එකට ගිහින් ඇදට වැටුණා. ඉතුරු ටික දන්නේ එදා හිටපු නිර්වින්දන අක්කලා සහ මිස්ලා. මාව recovery එකට දාගෙන , කැනුලා දාලා, drip දාලා වැඩ ගොඩයි. අන්තිමට නාරි වේද ඒකකයටත් ගිහින් scan එකකුත් කලා, insignificant amount of free fluid (ඉතා සුළු ප්‍රමාණයක් වතුර, ඒක නෝමල් වෙන්නත් පුලුවන්) ටිකක් ඇරෙන්න ලොකු ප්‍රශ්නයක් නෑ කිව්වා.

එන්න ඇත්තේ බඩවැල්වල ප්‍රශ්නයක් වෙන්න ඇති. උදේටවත් කාලා නැතුව, ward round කරලා, එහෙමම theatre ගිහින්, පැය 4ක් එක දිගට හිටගෙන ඉන්න එක ලේසි නෑ ඉතින්. කලින් දවසේ අපි කෑවේ කැන්ටිමෙන්, මේ ලෙඩාගෙම වැඩ කටයුතු නිසා මට කලින් දවසේ රෑ උයන්න වෙලාවට යන්න වුණේ නෑ. බොහෝවිට ඒ කාපු දේක ප්‍රශ්නයක් වෙන්න ඕනෙ.

මාසයක් එක දිගට ඉරිදාත් ඇතුලුව වැඩ කලේ හිතේ හයියට මිසක් ඇගේ හයියට නෙවෙයි. ඕනෙ එකක් වුණාවේ හතරෙන් පස්සේ මම නෑ කියලා ඉන්නත් තිබුණා. ඒත් එහෙම කරන්න හිතුනේ නෑ. මෝඩකමද, පිස්සුවද මන්දා...

 මෝඩකමද, පිස්සුවද මන්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් මේ ෆොටෝ එක ගැන...
එදා surgery කරපු ලෙඩාගේ රුධිර නාල වල ප්‍රශ්නයක් තිබුනා. වැඩිය දකින්න නොලැබෙන එකක් කියලා තමා Sir කිව්වෙත්. ඒ නිසා surgery එකෙන් පස්සේ මාසෙකට සැරයක් Alporstadil කියන බෙහෙත විදින්න plan කලා. ඒ බෙහෙත දෙනකොට එකපාර රුධිර පීඩනය අඩු වෙන්න පුලුවන්. ඒ නිසා moniter එකට සෙට් කරලා තමා දෙන්න ඕනේ.
අපේ ward එකේ cardiac moniters හරිම හිඟයි. තියෙන ඒවත් එක්කෝ charge වෙන්නේ නෑ, probe එක ඇගිල්ලට දාලා අල්ලගෙන ඉන්න ඕනේ reading ගන්න, switch හිර වෙලා. ඒ වුණාට දෙයියනේ කියලා, parameters අවුල් යනවනම් කොහොම හරි alarm එක වැදෙනවා.
ඉතින් බෙහෙත් එක දාන්න ආපු මිස් වයර් ලෙහන දිහා බලන් ඉන්න ගමන් මට හිතුනේ අපිත් මේ moniters වගේ නේද කියලා. මේ වගේ කාලෙක අපි හැමෝම පණ දිදී, පණ අදිනවා නේද....💜️💜️

.
.
.
.
A/n Thanx for reading 😇 මේක කියවන පාඩම් කරන readers ලා ඉන්නවා කියලා මම දන්නවා. ඔයාලා මේවා කියවලා අධෛර්යමත් වෙන්න නම් එපා. මේ සහරාව පමණයි. මීට වඩා ලස්සන තැන් ගොඩක් තියෙනවා , ඒවා කාන්තාර නෙවෙයි, වැසි වනාන්තර ..... ඒ වගේ ලස්සන තැනක වැඩ කරන්න ආසාවෙන් පාඩම් කරල විභාග සමත් වෙන්න.....

පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]Where stories live. Discover now