"හෙලෝ"
"අක්කා, කොවිඩ් සර්ජිකල් එකේ referral එකක්"
ඒ කොවිඩ් අලුත් අවුරුදු පොකුර හොඳටම තිබුණ කාලේ. ඉතින් කොවිඩ් ලෙඩ්ඩුන්වත් අපිට යොමු වුණා තුවාල එහෙම තියෙනවා නම්.
ඒ ලෙඩාට අපි රත්නසිරි කියමු. (මට සැබෑ නම මතක නෑ, ඒත් ඒ කකුල නම් අමතක වෙන්නේ නෑ.)
කාලයක් තිස්සේ තියෙන තුවාලයකට තමයි අපිට ලෙඩාව බලන්න කියලා කොවිඩ් වාට්ටුවෙන් කීවෙ.
ඒ තුවාල දැක්ක ගමන් ලෙඩා කොච්චර කල් කොච්චර තදට දුම් පානය කරලද කියලා පොඩි අදහසක් ගන්න පුලුවන් .
ඒ තුවාල එන්නේ කකුල කළු වෙලා. සරලවම කිව්වොත් කකුලට ලේ සපයන බට පද්ධතිය අතුලේ ඔය බීපු ජාති තැන්පත් වුණාම කකුලට ලේ ගමන අඩාල වෙනවා.එතකොට කකුලේ පේශි වලට ඔක්සිජන් අඩු වෙනවා. මුලදි වෙන්නේ දුර ඇවිදිද්දි කෙණ්ඩ කැක්කුම එනවා. ටිකක් නතර වෙලා හිටියම කැක්කුම අඩු වෙලා ආය ඇවිදින්න පුලුවන් වෙනවා. ඔක්සිජන් නැතුව මේ විදියට කාලයක් ගියාම කකුල ටික ටික මැරෙන්න ගන්නවා. ඒක අපිට පේන්නේ ඇඟිලි කළු වෙන එකත් එක්ක.
මේකට ප්‍රතිකාර විදියට කකුලේ බට පද්ධතිය පිළිසකර කරන්න ඕනෙ.
ඒත් කොවිඩ් තියෙද්දි මුල් තැන දෙන්නේ ඒකෙන් වෙන ජීවිත හානිය නවත්වන්න.ඒ තත්ත්වය සුව වුණාම තමයි අපි කකුලට අත තියන්නේ. මේ වගේ කකුල් දවසට දෙකට මැරිලා යන්නේ නෑ, ඒ නිසා හදිසි තත්ත්ව කාණ්ඩයට වැටෙන්නේ නෑ.
මාත් ගිහින් මයික් එකෙන් විස්තර අහලා, සුපුරුදු නීල ශ්වේත කවර පද්ධතියට බැහැලා කකුලේ නාඩි බලන්න ගියා.අවසානයේ ලොකු සර් ගේ තීරණය වුණේ ඉතුරු කොවිඩ් නිරෝධායන දින 7 අවසානයේ අපේ ක්‍රියාවලිය පටන් ගන්න.
රත්නසිරි හොඳට දුම්වැටි බීපු කෙනෙක්. දුම් වැටියක් නැතුව වාට්ටුවේ හිර වෙලා ඉන්න ඒ රෝගියා කැමති වුණේ නෑ."නෝනා මට යන්න ඕනෙ"
"ඔයා ගෙදර අයටත් ලෙඩේ අරන් යන්නද හදන්නේ"
"ඉන්න බෑ මෙහේ"
"එහෙම බෑ, කොවිඩ් හොඳ වුණාම කකුලේ ලේ හදන්න ඕනෙ, නැත්තම් කකුල කපන්න වෙයි""මම ගෙදර නිරෝධායනය වෙන්නම්"
"එතකොට කකුල?"
"මට යන්න ඕනේ, මට බෑ මෙහේ ඉන්න"
YOU ARE READING
පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]
Non-Fictionසහරාවේ ශාඛාවක පූදින්න පිං සොයන මම, ඇසින් දුටු, ඇස් තෙමූ, හදට දැනුනු, හද බිඳපු පුංචි පුංචි කතා...🌵🌵