මේක ඉතින් ඉතාම කෙටි කතාවක්, ඒත් ලියලා තියන්න හිතුනා.
මේ රෝගියා ආවේ කකුලේ රුධිර නාලයක් අසාමාන්‍ය ලෙස විශාල වීම නිසා. අපි ඒකට කියන්නේ aneurysm කියලා. ඒ වගේ විශාල වීමක් එක පාරටම පුපුරලා සිදුවෙන අධික රුධිරවහනය එක්ක මිය යන්න වුණත් පුලුවන් .
ඉතින් පරීක්ෂණ කරන්නේ නැතුව එක පාරටම කපන්නේ නෑ සාමාන්‍යයෙන් .
මේ රෝගියා අවුරුදු 70 ක් විතර වෙන සීයා කෙනෙක්. වෙනත් කායික රෝග කිහිපයකුත් තිබුණා.ඒ නිසා සියලු පරීක්ෂණ කරලා risk Vs benefit ( අවදානම් සහ ප්රතිලාභ) ගැන සාකච්ඡා කරලා තමයි මේ වගේ ශල්‍යකර්ම පටන් ගන්නේ. ඒත් ඒ විශාල වූ රුධිර වාහිනියෙන් සුළු ප්‍රමාණයක හෝ රුධිර වහනයක් වෙනවා නම් හදිසි ශල්‍යකර්ම කරනවා, අවදානමක් අරගෙන.
ඉතින් මේ සීයගේ එහෙම රුධිර නාලය විශාල වුණාට රුධිර වහනයක් තිබුණේ නෑ. ඒ නිසා එයාව හොඳින් සූදානම් කරලා, දවල් වරුවක, ශල්‍යාගාර පහසුකම් ඉල්ලාගෙන තමයි ශල්‍යකර්මය කරන්න සැලසුම් කලේ. මේ වගේ ශල්‍යකර්මයකට කලින් අපි රෝගියාගේ රුධිර සාම්පලයක් ලේ බැංකුවට යවලා, අදාල වර්ගයෙන් රුධිරය වෙන් කරවලා තියන්න ඕනේ. අපේ වහරින් කියන්නේ DT දානවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔය වෙන් කරන රුධිරය පැය හැත්තෑ දෙකකින් පස්සේ දෙන්නේ නෑ. ඒත් සමහර වෙලාවට අපි ඒ වෙන්කරපු රුධිරය ලේ බැංකුවෙන් ගෙන්නගෙන රෝගියාට දුන්නේ නැත්තම් පැය 72කට පස්සෙත් රුධිරය ලබා ගන්න පුලුවන් .
ඉතින් මේ රෝගියාට අපි ශල්‍යකර්මය කරන දවස වෙද්දි කලින් වෙන් කරපු රුධිරය පැය 72 ඉක්මවලා. අපි ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ වෙලවට ලේ බැංකුවට කෝල් කරලා අහනවා , ලෙඩාගේ නමයි, අංකයයි කියලා, අහවල් දවසේ එව්ව සාම්පලයට වෙන් කරපු ලේ තාම තියෙනවා ද නැත්තම් ටෙස්ට් කරන්න තව සාම්පලයක් එවන්නද කියලා.
ඉතින් මම වෙනදා වගේම කෝල් කරලා ඇහුවා, එක පාරක් නෙවෙයි තුන් පාරක් වගේ මතක.
"ඔව් ඔව් කලින් දාපු එක තියෙනවා "
"අපි ලෙඩාව තියටර් යවනවා දැන්, එහෙනම් ආයි සාම්පල් එවන්න ඕනෙ නෑනේ, මෙයාට බොහෝවිට ලේ දෙන්න වෙයි මේක කරන අතරෙ"
"කලින් වෙන් කරපුවා තියෙනවා , ඒ නිසා ආයි සාම්පල් ඕනේ නෑ"
එහෙම කියපු නිසා මම නැවත රුධිරය වෙන් කිරීම සඳහා අවශ්‍ය සාම්පල් යැව්වේ නෑ. කෙලින්ම ලෙඩාව ශල්‍යාගාරයට යැව්වා.
ඊටපස්සේ ඒ ලෙඩාගෙම CT පරීක්ෂණ වාර්තාවත් අරගෙන මාත් ගියා ශල්‍යාගාරයට, අඬු අල්ලන්න එපැයි ඉතින්.
අපරාදේ කියන්න බෑ, ශල්‍යාගාර ඇඳුමට මාරු වෙලා ඇතුලට අඩිය තියනකොටම මහා ඝෝෂාවක් ඇහුණා. හරියට ටකරමකට ගල් ගහන්නා වගේ.
YOU ARE READING
පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]
Non-Fictionසහරාවේ ශාඛාවක පූදින්න පිං සොයන මම, ඇසින් දුටු, ඇස් තෙමූ, හදට දැනුනු, හද බිඳපු පුංචි පුංචි කතා...🌵🌵