මේකත් ටිකක් හිනා යන විදියේ පතොක් කතාවක්... මේ පතොක් ජීවිතේ ඉතින් රැයක් දවාලක් නෑ, happenning වෙන්න ගත්තහම, හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
ඉතින් කාන්තාරයේ ඉන්න කණ්ඩායම් වලින් එක කොටසක්, ඒ දින කිහිපයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණේ. අපේ රටේ සිස්ටම් එකේ හැටියට ඉතින් සමහර වෙලාවට ඒවට එරෙහිව මොකුත් කියන්නත් බෑ. හරි අපි එමුකෝ කතාවට.
මේ රෝගියා අපි අවයවයක් බද්ධ කරපු කෙනෙක්, ඒත් ඒකේ පොඩි ප්‍රශ්න වගයක් වෙලා නැවත රෝහල් ගත වෙන්න වුණා. එදා ඉතින් ලේසි නෑ, අපි සාමාන්‍යයෙන් කරන්නේ ලෙඩ්ඩු බලලා , ප්‍රශ්න අඳුරගෙන ඒකට කරන්න ඕනෙ දේ කරන එකනේ. ඒ දවසේ ඊට අමතරව ප්‍රශ්න ගොඩක්, බෙහෙත් කොහෙද, මුත්‍රා බට කොහෙද, කටු කොහෙද වගේ ගොඩක් දේවල් මටම බලන්න වුණා.
ලොකු සර් තීරණය කළා, නැවත උදර කුහරය විවර කරලා ප්රශ්නය තියෙන්නේ කොහෙද කියලා බලන්න ඕනේ කියලා. හදිසි සේවා , වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අදාල වෙන්නේ නෑ හැම කාණ්ඩයකම.
දෙවියනේ කියලා නටලා නටලා ලෙඩාව ශල්‍යාගාරයට අරන් ගියා. අර නිර්වින්දන ලොකු නෝනා පතා ගෙන ආවා වගේ එදත් එතන.
මගේ පාලනයෙන් තොර හේතුවක් අල්ලගෙන එදත් කන පිරෙන්න මාව ඇමතුවා. මම ඉතින් මෝඩ හිනාව දාලා නිකං හිටියා.
කොහොම හරි ශල්‍යකර්මය රෑ අටට පටන් අරන් රෑ දොළහ වගේ වෙද්දි අවසන් වුණා. ලෙඩා ICU එකට බාර දෙන වැඩේ අවසානයේ මමත් ගෙදර යන්න පිටත් වුණා.
ගෙදර ඇවිත් බෙල් එක කැඩෙනකල් ගැහුවා, දොරට අත් දෙකෙන්ම තඩි බෑවා. ඒත් උතුමාණන්ට නින්ද ගිහින්..... ජංගමයාට කෝල් කළා, මොන ඒකේ සද්දෙ මටවත් ඇහෙන්නේ නෑ ....
දොර ඇරෙන පාටක් නෑ....
වාහනේ නිදියනවද, ආයි කාන්තාරයට ගිහින් නිදියනවද.... මම කල්පනා කලා.
කාන්තාරයේ ඇඳක් හරි තියෙනවා නේ. ඒ නිසා ආයි මම එහෙට ගියා.ගිහින් අපිට අයිති නැති වුණත්, අපේ ලෙඩ්ඩු ඉන්න වාට්ටුවක කාමරේක නිදා ගත්තා. එදා කවියකුත් ලියලාමයි නිදා ගත්තේ.
කොහොම හරි ටික වෙලාවකින් ජංගමයා මොර දෙන්න පටන් ගත්තා.
අහ්... මෙන්න මාව මතක් වෙලා.... උතුමාණන් කෝල් කරනවා.... නෑ මම answer කලේ නෑ. Silent දාලා නිදා ගත්තා. උදේ ඇහැරිලා බලද්දි කෝල්ස් පනහක් විතර අරන්."හෙලෝ ඇයි අනේ මෙච්චර කෝල් කලේ?"
"අල්ලපු ගෙදරට හොරු පැන්නනේ, හොරා ඔයා රෑ එද්දි ඔයාට මොනවා හරි කළාද කියලා මං බය වුණේ. "ඒ කිව්ව විදියට සිද්ධිය බරපතලය. හොරා අල්ලපු ගෙදරට ඇතුල් වී ඇත්තේ මම ඇවිත් ගිහින් පැයක් වගේ ඇතුලතය....
මොකද්දෝ පිනකට හොරා හා මා නූලෙන් මුණ නොගැසී ඇත. හොරාගේ පිනක් වීමටද ඉඩ ඇත.
එදායින් පස්සේ රෑ දොළහ පහු වේ නම් කොහේ හෝ වාට්ටුවක ළගින්නට මට සිදු විය.... 😪😪
YOU ARE READING
පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]
Non-Fictionසහරාවේ ශාඛාවක පූදින්න පිං සොයන මම, ඇසින් දුටු, ඇස් තෙමූ, හදට දැනුනු, හද බිඳපු පුංචි පුංචි කතා...🌵🌵