28 ලේලිය

79 19 13
                                    

කාලෙකට පස්සේ ඔන්න ලියන්න හිතුනා. මේ දවස්වල තියෙන තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. සීඝ්‍රයෙන් කඩා වැටෙන රටක, ඉතින් සෞඛ්‍ය ගැන කුමන කතාද.

ඇතැම් වේදනා නාශක - නැත
ඇතැම් ප්‍රති ජීවක, කලින් බහුලව තිබූ ඒවාත් - නැත
කැපුම් මහන ඇතැම් නූල් - නැත
සීනි බලන strip - නැත
කොවිඩ් රැපිඩ් ටෙස්ට් කිට් - නැත
බොහෝ බෙහෙත් - අවසන් වීගෙන යයි
IC tube / උරස් කුහරයට ඇතුළු කරන බට වර්ගයක් - නැත

කාලය සුබ නැත. තව ටික දිනකින් වැඩට යන්න වෙන්නේද පයින් ය.

IC tube ගැන යමක් කීවොත්, විශේෂයෙන් හදිසි අනතුරකදී ප්ලූරා කුහරයට සුළං, රුධිරය වැනි දේ ඇතුළු වීමෙන් හුස්ම ගැනීම අපහසු වී මරණය සිදුවිය හැක. මෙසේ මරණය වැළැක්වීමට නම් බටයක් යොදා එම වාතය හෝ රුධිරය ඉවත් කළ යුතුය. ඉතින් IC TUBE නැති විට කරන්නේ කුමක්ද....

"ඔන්න ඇක්සිඩන්ට් වෙලා නම් එන්න එපා, බඩු නැහැ මෙහෙ බේත් කරන්න" යැයි අද කාන්තාර වාසියෙක් කතාබහක් අතරතුර මට කීවේය.

"අහ් බය වෙන්න එපා, ඉස්සරහට පයින් නේ එන්නෙ ඉතින් කොහොමද ඇක්සිඩන්ට් වෙන්නේ. Truck එකකින් යට කරගෙන ගියොත් තමයි. ඒත් ඉතින් එතකොට එතනම මැරෙයි නේ, අවුලක් නෑ" මරණයත් දැන් හාස්‍යජනක වී ඇත.

ලැබ්වල ටෙස්ට් කරන්න ඕනෙ Reagent /  පරීක්ෂණ සඳහා ලබා ගන්නා රසායනික ද්‍රව්‍ය ද හිඟ වීගෙන යන බව එහෙන් මෙහෙන් අසන්නට ලැබේ.

ඉදිරියේදි අප මුහුණ බලා හීමොග්ලොබින් මට්ටම, රුධිර ක්‍රියටිනීන් මට්ටම සිතාගෙන රෝගීන් බලාගත යුතුය. සීනි මට්ටම මැන ගැනීමට රෝගියා අධික රුධිර සීනි මට්ටමට හෝ අඩු රුධිර සීනි මටමට අදාල රෝග ලක්ශන පෙන්වනකල් බලා සිටීමට සිදුවී ඇත.

ඉතින් කියන්නට ලොකු දෙයක් නැත. හැකි තරම් රෝහල් ගත වීම් අඩු කරගෙන පරිස්සමින් ගෙදර ඉන්න. නිධන්ගත රෝගවලට නිවැරදිවම බෙහෙත් ගන්න, සංකූලතා සමග පැමිණෙන ඔබට යමක් කරන්නට අපට හැකියාවක් නොලැබෙන්නද ඉඩ ඇත.

අද කතාව දැන්...

අපි ඒ ආච්චි අම්මට සිරියාවතී කියමු. එයාව බලාගන්න ළඟ කෙනෙක් හිටියේ නෑ. කිව්ව විදියට දරුවෝ හැමෝම රට. කකුලේ තුවාලය හොඳ වෙන්න නම් බැලුමක් දාලා කකුලේ බට සුද්ද කරන්න ඕනෙ. ඒක කරගන්න වාට්ටුවේ ඉන්න අතරෙ ඒ අම්මට පපුවේ අමාරුවක් හැදුනා. ටිකක් දරුණුවට. ඉතින් කායික රෝග වාට්ටුවකට මාරු කරන්න වුණා. ඒ වාට්ටුවේ අධි සත්කාර කොටසේ ඔක්සිජන් දාගෙන ඇඳක් උඩ අසරණව වැටිලා හිටිය සිරියාවතී අම්මා ගේ ආයු අපේක්ෂාව ඇත්තටම දින කිහිපයක්ද කියලා අපටත් නොහිතුනාම නෙවෙයි.

පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]Where stories live. Discover now