23. දුවන දෙපා

87 23 88
                                    

ඊයේ නම් මහා පුදුම දවසක්... මේ කාන්තාරයේ වතුර පොදක්වත් නැතුව මේ තරම් ඇවිදින්න මට පුලුවන් කියලා මම දැනගත්තෙත් ඊයේ.

අරක නෑ මේක නෑ මේක නැතුව බෑ කියලා කියද්දි, නෑ අපි කොහොම හරි මේක කරනවා කියන ටීම් වර්ක් හැඟීම අපේ ඒකකයේ ඉහල සිට පහලට සියලු දෙනාට තියෙන එක ගැන මම සතුටු වෙනවා.

මොනවා වුණත් මේ කාන්තාරයේ ක්ෂේම භූමියක් හොයන එක ලේසියි මේ දවස්වල රැපිඩ් පරීක්ෂණයකට අවශ්‍ය දේවල් හොයනවට වඩා. තත්ත්වය ඒ තරම් වියළි වෙලා. ගහෙන් වැටුණ මිනිහාව ඩෝසර් කරලා දැම්මා වගේ pcr යන්තරේ ඒ අස්සෙන් ලෙඩ දෙනවලු. ලැබ් ඒකකයේ ඉන්න අයගේ ඉහටත් උඩින් මේ දවස්වල සාම්පල් ගොඩ ගැහිලා බව අපිත් දන්නවා.

අද කතාවේ කතා නායකයා රංජිත් කියලා කියමුකෝ (ඇත්ත නම නෙවෙයි)
රංජිත් ගේ කකුලේ බට පද්ධතිය අවහිර වෙලා, දකුණු කකුලේ පළවෙනි ඇඟිල්ල කළු වෙලා. කකුලේ කැක්කුම එයාගේ නින්දත් නැති කරන තරමට දරුණු වෙලා.

දැන් මේ බටයට පිළියමක් යොදන්න ඕනෙ, නැත්නම් කකුල දිගටම කුණු වෙනවනේ. තව බටයක් දාලා බයි පාස් සැත්කමක් කරන්න පුලුවන් ඒත් රංජිත් ගේ හදවත හරහට. මේ ලොකු ශල්‍යකර්නවලට කලින් අපි හදවත් පරීක්ෂා කරනවා. රංජිත් ගේ රිපෝර්ට් එකට අනුව ලොකු සැත්කමක් දරා ගන්න ඒ හදවතට ශක්තිය මදි.

එහෙනම් බැලුන් දාලා, අවහිර වුණ බටේ ලොකු කරන්න වෙනවා කියලා ලොකු මහත්තයා තීරණය කළා. කෝ ඉතින් බට දාන්න පහසුකම්....

වෙන කරන්න දෙයක් නෑ, එහෙනම් අවහිර වුණ බටේ සුද්ද කරමු. ඒ ලොකු මහත්තාගේ අවසාන තීරණය. මේකෙදි කරන්නේ ඒ බටේ ඇරලා, බටේ බිත්තියේ ඇලිලා තියෙන දේවල් ඉවත් කරන එක. අපි ඒකට කියන්නේ endarterectomy කියලා.

ඉතින් අපි ශල්‍යකර්මයට රංජිත් ව සූදානම් කළා. එක පාරක් නෙවෙයි හතර පාරක්. පළවෙනි පාර බැලුන් දාන්න හිතාගෙන, ඒත් ඒ ඊයම් කාමරේ අපට දුන්නේ නෑ. දෙවනි පාර අර මම කලින් කිව්ව බට සුද්ද කිරීමට, රංජිත් ගේ වෙලාව හොඳකම කියන්නේ ඒ දවසේ ශල්‍යාගාරයේ තුන්දෙනෙක් කොවිඩ් පොසිටිව් වුණා. තුන්වෙනි පාරත් සූදානම් කළාට ඒ වෙනකොටත් කොවිඩ් තත්තවය නිසා ශල්‍යාගාරයේ වැඩ කරන අයගේ හිඟයක් තිබුණා. ඒ නිසා ආය හිස් අතින් ගෙදර යවන්න වුණා.

පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]Where stories live. Discover now