22. කොවිඩ් බෙදාහරින්නෝ

64 26 15
                                    

මේක නම් ඉතා කෙටි කතාවක්... අද නිවාඩු දවසනේ, ආරංචියක් ආවා අද රෑට මේ සහරාව ආශ්‍රිත ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් තියෙනවා කියලා...
මේ වෙලාවේ කරන කරන රැපිඩ් එක , pcr එක පොසිටිව් වෙනවා. ඉතින් මේ වගේ සෙනග එකතු වෙන දේවල් නියාමනය වෙන්නේ නැද්ද කියන එක ප්‍රශ්නයක් .

ප්‍රසංග කරන අයටත් ආදායමක් ඕනේ, ප්‍රශ්නය තියෙන්නේ එතනට එන අය හැසිරෙන විදියෙයි. මාස්ක් මතක් වෙයිද, මීටරේ මතක් වෙයිද, අතට දාන ඇල්කොහොල් බෝතලේ වෙනුවට බොන ඇල්කොහොල් බෝතලේ විතරක් අතේ තියෙයිද....

මේ මට එහෙන් මෙහෙන් ඇහුන දේවල්
" අද නම් රෑට IC tube (පපුවට දාන බට) පහක්වත් සෙට් වෙයි"
"Fractures (අස්ථි බිඳුම්) Head injury (හිසට වන අනතුරු ) ලොට් එකක් එයි අද රෑට නම්."
"කැඩෙන ඇට එක්ක කකුල acute(ලේ ගමන නතර වීම) වෙලා ආවොත් මටත් කියන්න"
"පිහියෙන් අනිනකොට නහර ටික බේරලා අනියිද?"
මේ කපන, මහන අපේ කතා...

ඒ අතරේ කායික රෝග අංශයේ කෙනෙක් " අපිට තමා වැඩේ, කොවිඩ් කේසස් වැඩි වෙයි මාර විදියට මේකත් එක්ක, සතියෙන් බලන්නකෝ"

ඔය අතරේ මට කායික රෝග අංශයේ ලෙඩෙක් බලන්න යන්න වුණා. ඒ ලෙඩාට කොවිඩ් හැදිලා ගිය අවුරුද්දේ මැයි. ඊට සති කීපයකට පස්සේ ප්ලීහාව සහ බඩවැක් ආශ්‍රිත රුධිර නාලවල ලේ කැටි ඇති වෙලා. මේක කොවිඩ් නිසාම ආවා කියල තාම ඔප්පු කරලා නෑ. ඒත් කොවිඩ් එක්ක රුධිර කැටි ගැසීමේ ප්‍රවණතාව වැඩි බව අපි හැමෝම දන්න දෙයක්...

කොවිඩ් ලෙඩේ හොඳ වෙලා ටිකට් කපනවා කියන්නේ අවසානය නෙවෙයි, තවත් කරදර් ගොඩක ආරම්භයක් වෙන්නත් පුලුවන් ....

ඉතින් මේ වෙලාවේ පණ බේරාගෙන ඉන්න අපි මතක් කළ යුතුද? විනෝද විය යුතුයි තමයි, ඒත් ගෙදර ඉන්න දියවැඩියාව, පපුවේ අමාරු තියෙන වැඩිහිටියෝ පව් නැද්ද?? නිදහස කියලා මෙහෙම කොවිඩ් බෙදාහැරීම මම නම් අනුමත කරන්නේ නෑ... සමරන්න නිදසහක් තියෙනවා ද?? ඒක වෙනම ප්‍රශ්නයක්...

පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]Where stories live. Discover now